ඔහු පෙන්වා දෙන්නේ දකුණු ආසියාතික රටවල ජනතාව ඉස්ලාමීය සංස්කෘතියට ගෞරවයක් දක්වන බවයි.
සෞදි අරාබියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සඳහා පැවති ඉෆ්තාර් උත්සවයක් අමතමින් සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති වදිවෙල් ක්රිෂ්ණමුර්ති මහතා මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකාව තුළ අන්තවාදීන් සඳහා කිසිදු ඉඩක් නොපවතින බව ද, ඉස්ලාමීය සංස්කෘතියට ලාංකීය ජනතාව ගෞරවයක් දක්වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා රජය ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කිරීම උදෙසා සැමවිටම කටයුතු කරන බව ද සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වා දී ඇති බව සඳහන්ය.