පොලිස්පති අස් වුණොත් මං අස්වෙනවා - මර්වින්

Published in පුවත්
Wednesday, 09 July 2014 14:10

බේරුවල - අලුත්ගම ප්‍රදේශවලදී පසුගිය ජුනි මස 15 වැනි දින සිදුවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තමන්ට පැවැරී ඇති බලතල ප්‍රකාරව නිසි පරිදි තම රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු එසේ ඉල්ලා අස් නොවන්නේ නම් ඊට විරෝධය දක්වා තමන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් දක්වමින් පොලිස්පතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වේ නම් දක්ෂ නිලදරුවකු රටට අහිමි කිරීම පිළිබඳ විරෝධය පාමින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පති ඉල්ලා අස්නොවූ බැවින් පාලිත තෙවරප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීම රාජ්‍ය සේවයට කරනු ලබන අභියෝගයක් යැයිද ඇමැතිවරයා පවසයි.

රාජ්‍ය සේවය ආරක්ෂා නොවුණහොත් අයාලේ යන සමාජයක් රටේ නිර්මාණය වනු ඇතැයි පවසන ඇමැතිවරයා ගෞරවාන්විත රාජ්‍ය සේවය යම්කිසි කෙනකු කී පළියට ඉල්ලා අස්වන තත්ත්වයකට හෑල්ලු කිරීම පිළිගත් සමාජ රාමුව බිඳ දැමීමට කරන උත්සාහයක් යැයි පවසයි.

යමකු රාජ්‍ය සේවයට එක්වන හා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වේ නම් එය කළ යුතු විධිමත් පිළිවෙළක් ඇතැයි පවසන ඇමැතිවරයා දේශපාලනඥයන් ලෙස ජනතා කැමැත්ත මත අප වරින් වර වෙනස් වුවත් රාජ්‍ය සේවය සැමදා පවතින බවත් පෙන්වා දෙයි.

පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයාගේ ඉල්ලා අස්වීම රජයට එරෙහිව අප්‍රසාදය ගොඩ නැඟීමට කරන එක්තරා කුමන්ත්‍රණකාරී සැලසුමක තුරුම්පුවක් වන බව පවසන මර්වින් සිල්වා මහතා ඉදිරියේදී එහි සැඟවුණු රහස හා අදෘශ්‍යමාන හස්තය රටට හෙළිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.

කෙසේ නමුත් තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය තමන් ඊයේ (8දා) පෙරවරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට ගිය අවස්ථාවේ එම ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම එජාප නායකයා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us