අතුරුදහන් වූවන් ගැන අලුතින් පැමිණිලි 300ක්

Published in පුවත්
Wednesday, 09 July 2014 14:02

පසුගියදා මුලතිවු දිස්ත්‍රික්කයේ දී පවත්වන ලද අතරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ පැමිණිලි භාර ගැනීමක දී අලුතින් පැමිණිලි 300 ක් ලැබුණු බව එම කොමිසමේ සභාපති හිටමු මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා පවසා 'කල්ම්බෝ ගැසට්" වෙබ් අඩවියට පවසා තිබේ.

හිටපු මහාධිකරණ විනිසුරු වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පැමිණිලි භාරගත් දින 4ක කාලසීමාව තුළ අලුතින් පැමිණිලි 387ක් ලැබී තිබෙන බව යි.

ඔවුන්ගෙන් ලබාගත් තොරරුරු ලියාපදිංචි කොට පසුව ප්‍රකාශ ලබා ගැනීම සඳහා දින වකවානු නියම කරනු ලබන බව ඔහු පවසා සිටියේ ය.

පසුගිය සෙනසුරාදා සිට ඊයේ වනතුරු දින 44ක් පුරාවට ජනාධිපති කොමිසම විසින් මුලතිවු දිස්ත්‍රික්කය තුළ සිය කටයුතු සිදු කල අතර මේවන විට කොමිසම විසින් පුද්ගලයින් 129 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරෑන තිබේ. ඒ අලුතින් පැමිණිලි භාර දුන් 387 දෙනාට අමතරව ය.

පරීක්ෂ්ණයෙ ඊලඟ පියවර ලෙස ඉහත පැමිණිලි වලින් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කොට ඉන් අවධානයට ලක්වන පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට වැඩිදුර පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්ත්වට භාර කරන බව කොමිසන් සභාපතිවරයා තවදුරටත් පවසා සිටියේ ය.

අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසන් සභාව මේවනවිට 14000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති අතර පරීක්ෂණය අවසන් වීමෙන් පසුව එහි වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ අතට පත් කිරීමට නියමිත ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us