දැරියට බබෙක්දී පෙම්වතා පැනලා !

Published in පුවත්
Monday, 14 July 2014 13:23

බාල වයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - මුදලක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 15 ක් වූ පාසල් දැරියකි.

බාල වයස්කාර ගැබිණියක් ගබ්සාවක් කිරීමට සුදානම් වන බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ලද තොරතුරක්  සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට  ආණමඩුව පොලීසියට දැනුම් දීමෙන් පසුව සිදුකළ පරීක්ෂණයකින් පසුව මේ තොරතුරු හෙළිව තිබේ.  

පොලිස් බාරට ගෙන ඇති දැරිය ආණමඩුව දිසා වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ ඇය මාස 1 ½ ක ගැබිණියක බවයි.

ඉන් අනතුරුව තමන්ට සිදුවූ අතවරය සම්බන්ධයෙන් දැරිවිය තොරතුරු හෙළි කර ඇත.

ආණමඩුව - හලාවත මාර්ගයේ කාපට් ඇතිරීම සඳහා පැමිණ සිටි තරුණයෙකු තම නිවසින් ආහාර ලබා ගත් බවත්, එහිදී ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවයක් අනුව සැකකරු තමා සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බවද දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකාර තම පෙම්වතා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පමණක් තමන් දන්නා බවද දැරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

සැකකාර පෙම්වතා මේ වන විට තම සියළුම රාජකාරි කටයුතු අවසන් කර ආණමඩුව ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව පොලීසිය පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us