සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා වීනස් නිරුවත් වේ

Published in ක්‍රීඩා
Monday, 14 July 2014 11:01

ESPN ක‍්‍රීඩා සගරාව විසින් වාර්ෂිකව නිකුත් කරන ලොව සුපිරි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණනාවකගේ නිරුවත් සිරුරු දැක්වෙන ESPN සිරුරු ප‍්‍රකාශනයේ 6වන කලාපය ජුලි 11දා වෙළඳපොළට නිකුත්ව තිබේ.



ESPN සගරාවේ කතෘ චැඞ් මිල්මෑන් පවසා ඇත්තේ 6වන වරටත් මෙම සුවිශේෂී කලාපය සාර්ථකව නිකුත් කිරීමට තම කණ්ඩායම සමත්වූ බවයි.

මේ වසරේ සගරාව තුළ දැක්වෙන සුපිරි ඡයාරූපවලින් සුපිරිතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 22කගේ නිරුවත් සිරුරුවලටත් ඒවායේ කාර්යභාරයටත් උත්තමාචාර පිදෙන බවද ඔහු පවසා තිබේ.

මෙවර සගරාවේ විශේෂත්වයක් වන්නේ ඒ සඳහා සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා වීනස් විලියම්ස්ද නිරුවත් වීමට තීරණය කර තිබීමයි.  මින් පෙර ඇගේ සොයුරිය වන සෙරිනා විලියම්ස්ද ESPN සගරාව සඳහා නිරුවත් වී තිබේ.

පස් වරක් විම්බල්ඩන් කිරුළ දිනූ වීනස්ට අමතරව ඔලිම්පික් රන් පදක්කම් 18ක් දිනා ඇති පිහිනුම් ක‍්‍රීඩක මයිකල් ෆෙල්ප්ස්, සියැටල් සීහෝක්ස් කණ්ඩායමේ මාර්ෂෝන් ලින්ච්, ටෙක්සාස් රේන්ජර්ස්හි ප‍්‍රින්ස් ෆීල්ඩර්, ඔක්ලහෝමා සිටි තන්ඩර් ඉදිරිපෙළ ක‍්‍රීඩක සර්ජි ඉබාකාද මෙවර නිරූපණයට එක්ව ඇත.

සර්ෆින් ක‍්‍රීඩකා කොකෝ හෝ සිය සුරූපී සිරුර ESPN සිරුරු ප‍්‍රකාශනය සඳහා අනාවරණය කර ඇති අතර ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී බොබ්ස්ලෙඩින් ක‍්‍රීඩිකා ආයා එවන්ස්, බාස්කට්බෝල් ක‍්‍රීඩිකා ඒන්ජල් මැක්කෝටි‍්‍රද මෙවර කලාපය හා එක්වී තිබේ.

ලොව වයස්ගතම බොක්සිං ශූරයා වන බර්නාඞ් හොප්කින්ස්ද ESPN සිරුරු හා එක්ව තිබීම තවත් විශේෂත්වයකි.

(ලංකා සි නිව්ස්)

SprtyNude1SprtyNude2SprtyNude3SprtyNude4SprtyNude5SprtyNude6SprtyNude7

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us