ජර්මනිය මෙසීලාගේ සිහිනය බොඳ කරයි (photo)

Published in ක්‍රීඩා
Monday, 14 July 2014 11:23

දකුණු අමෙරිකානු රටක් සත්කාරකත්වය දැරූ රටක යුරෝපානු රටක්ලෝක පාපන්දු කිරුළ දිනා ගත් පළමු අවස්ථාව බවට පත්කරමින් ආර්ජන්ටිනාව ගෝලඑකට බිංන්දුවක් ලෙස පරාජය කරමින් වසර විසි හතරකට පසු 2014 ෆිෆා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ජර්මනිය සමත් වුණි. 




ලෝකකුසලාන පාපන්දුතරගාවලියක අවසන් මහ තරගයක් නිලකුණු තත්ත්වයක් හමුවේ අවසන්වී අතිරේක කාලය දක්වා දිග්ගැසී ගිය තුන්වැනි අවස්ථාව මෙය වේ.


හැත්තෑ හතර දහසකට අධික පාපන්දු පේ‍්‍රක්ෂකයන් පිරිසක් ඉදිරියේ බ‍්‍රසීලයේ මරකානා කී‍්‍රඩාංගණයේදී අතිශය ආක්‍රමණශීලී සහ උපායශීලී තරඟ රටාවක යෙදෙමින් කරට කර තරඟයක යෙදුන දෙපිලම ‍මුල සිටම ගෝලයක් ලබා ගනිමින් තරඟයේ පාලනය තම කණ්ඩායම් වෙත ලබා ගැනීමට වෑයම් කළද එය අපතේ ගිය වෙහෙසක්ම පමණක් විය.


කෙසේ වෙතත් අතිරේක කාලයේදී ජර්මනියේමාරියෝ ගොට්ස් 113 වැනි විනාඩියේදී ආර්ජන්ටිනාවේ ෆිෆා සිහිනය උදුරා ගත්තේය. ෂූරල්ගේ පන්දු පිරිනැමීමකින් ගොට්ස් විසින් පපුවෙන් පාලනය කරගත් පන්දුව ආර්ජන්ටිනා දැල් රකින්නාට හොරෙන් ‍දැල තුලට යවන්නට සමත් විය.


ප්‍රබල බ්‍රසීලය සුන්නද්ධූලි කරමින් අවසන් සටනට පිවිසි ජර්මනියට ආර්ජන්ටිනාව හමුවේ එලෙස පහසුවෙන් හැසිරෙන්නට ඉඩ ලැබුනේ නැත. මුල සිටම ආර්ජන්ටිනාව ඉතා උපායශීලී තරඟ රටාවක් පෙන්නුම් කළ අතර කිහිප විටක්ම ගෝල් කණුව අසලටම විත් ජර්මනිය සළිත කරන්නට සමත් විය.


ආර්ජන්ටිනාවේ සාමූහික ක්‍රීඩාශීලීත්වය උසස් මට්ටමක විය.කෙසේ වෙතත් ආර්ජන්ටිනාවට වැරදුනු එකම වරද ඔවුන්ට පරාජයේ වේදනාව රැගෙන ආවේය. එම වරද නොවන්නට මුලු තරඟය පුරාම ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටි අයුරු පෙනිනි.


ගොට්ස් ලබාගත් ඒ ගෝලය ජර්මනි කණ්ඩායමේ ජයග‍්‍රාහී ගෝලය වූ අතර ඉතිරිව තිබූ ඊළඟ මිනිත්තු කිහිපයේදී කෙසේ හෝ ගෝලයක් ලබා ගන්නට ආර්ජන්ටිනාව වෑයම් කළද තම සීමාවට පන්දුව රැගෙන ඒමට නොදී පාලනය කීරීමට ජර්මන් කණ්ඩායම මහන්සි විය. 


අවසන් මිනිත්තුවේදී ගෝල ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථාවක් ආර්ජන්ටිනා නායක ලයනල් මෙසීට ලැබුනු නමුත් එයද ගිලිහී ගියේ සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ දෑස් තෙත් කරවමිනි. තරගමාලාවටඑක්වූ රටවල් 32ක් අතර තරග 63ක් පුරා පැවැති සටන නිමා වූයේ මීළඟ සිව් වසරේ ශූරතාවය ජර්මනියට හිමි වෙමිනි.


මෙම දෙරට ඉතිහාසගත පස මිතුරන් වන අතර මීට පෙර දෙවතාවක්ම මේ රටවල් දෙක ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් තරගයට එක්වී ඇත. ජර්මනිය හා ආජන්ටිනාව මේ දක්වා අවස්ථා 20 දී මුහුණට මුහුණ තරග වැදී තිබේ. ඉන් තරග 9ක ජය ආජන්ටිනාවටත්, තරග 6ක ජය ජර්මනියටත් හිමිවී තිබිණි.දැන් ජර්මනිය තරඟ 7ක් දිනා තිබේ.

FifaFinal1FifaFinal2FifaFinal3FifaFinal4FifaFinal5FifaFinal6FifaFinal7FifaFinal8FifaFinal9

Last modified on Monday, 14 July 2014 11:41

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us