චීනයේ වින්ඩෝස් 8 තහනම්

Published in විදෙස්
Thursday, 17 July 2014 08:19

චීන ආණ්ඩුවේ ආයතනවල පරිගණකවල වින්ඩෝස් 8 (Windows 8) මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇමරිකාවේ ජාතික ආරක්‍ෂක ඒජන්සිය (NSA) චීනයේ ඔත්තු බැලීම මෙම තහනමට හේතු වූයේ යැයි පසුගියදා චීන ජනමාධ්‍ය වාර්තා කළේය.

මෙම තහනම මුලින්ම පනවන්නට යෙදුණේ පසුගිය මැයි මස 20 වැනිදාය. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන විට වැඩි විදුලි බලයක් වැය වන බැවින් බලශක්තිය ඉතිරි කිරීමේ පියවරක් ලෙස එය භාවිතා කිරීම අත්හළ බව චීන ආණ්ඩුවේ මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

එහෙත් ඊට නියම හේතුව නම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඇමෙරිකානු ආණ්ඩුවට ඔත්තු බැලීම බව ඒත්තු ගන්වන විශේෂ වාර්තා වැඩසටහනක් ජූනි 05 වැනිදා චීන ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය.

මේ තත්ත්වය යටතේ රාජ්‍ය ආයතනවලට යොදාගනු පිණිස ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතාව චීන රජයෙන් දියුණු කරයි. එහෙත් වින්ඩෝස් XP හෝ වින්ඩෝස් 7 භාවිතා කරයි.

ඇතැම් රාජ්‍ය ආයතන චීනයේ ප්‍රචලිත කයිලින් (Kylin) සහ ස්ටාට් ඕඑස් (StartOS) යන ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us