එස්.එම්.ගේ තුට්ටු දෙකේ වැඩක්

Published in පුවත්
Thursday, 17 July 2014 17:59

දැඩි ආර්ථික දුෂ්කරතා සහ මේ දිනවල පවතින අධික නියං තත්වයෙන් පීඩාවට ලක් වී සිටින උතුරුමැද පළාතේ ජනතාව රවටමින් තමන්ගේ බංකොලොත් දේශපාලනය ප්‍රදර්ශනය කිරීමක් කලාවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

විශේෂ ව්‍යාපෘති ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතා නොමිලේ භාණ්ඩ බෙදාදෙන බව පවසා කලාවැව මැතිවරණ කොට්ඨාශයේ කන්තාවන් පසුගිය ඉරිදා (13) තඹුත්තේගම, වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයට කැඳවා ඇත.

එම ස්ථනයට කාන්තාවන් පැමිණ තිබෙන්නේ උදලු තල, වතුර ෆිල්ටර්, කාබනික පොහොර කට්ටල ජල ටැංකි, ප්ලාස්ටික් පුටු බලාපොරොත්තුවෙනි. නමුත් ඔවුන්ට සිදු වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා නියෝජිත සම්මේලනයට සහභාගීවී බත් පැකට්ටුවකින් සෑහීමකට පත් වීමටය.

මෙම තත්වය දැනගත් එම කාන්තාවන් කෑ කෝ ගසමින් ආණ්ඩුවේ දේශපාඥයින්ටත් සංවිධායකයින්ටත් මෙවැනි තුට්ටු දෙකේ ලැජ්ජා නැති වැඩ නොකරන ලෙසත්, අහිංසක ජනතාව දේශපාලන උවමනාවන්ට යොදාගැනීමටත් විරෝධය පළ කර ඇත.

කුඩා දරුවන්ද රැගෙන මහත් බලාපොරොත්තුවකින් පැමිණ නැවතත් හිස් අතින් යැමට ඔවුන්ට සිදු වී තිබේ. මෙම අවස්ථාවට ගමනාගමන මණ්ඩලයේ බස් යොදාගෙන ඇති අතර බොහෝ ප්‍රදේශවල ජනතවට දුෂ්කරතාවන්ට මුහුණපෑමට ලක් වී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us