මෙසේ දිගින් දිගට ම සුළුතර කණ්ඩායම්වලට වෛරය හා සැකය එල්ල වන චින්තනයක් අධිපති මාධ්‍ය හරහා සන්නිවේදනය කරන ලදි. මෙය රාජ්‍ය ව්‍යාපෘතියක් දැයි කෙනෙකු තුළ සැක උපදවන තත්ත්වයක් ද නිර්මාණය වූයේ අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළයුතු අවස්ථාවන්හි දී බලධාරින් මුනිවත රැකීම නිසා ය.
මෙහිදී ද ජනමාධ්‍ය භූමිකාව වූයේ ගැටුම්වලට අනුබල දීම හා නීති ආයතනවල නිද්‍රාශීලිත්වය ඉවසා සිටීම ය. වාර්තාකරණයේ දී මූලාශ‍්‍ර දෙකකින්වත් සිදුවීම තහවුරු කළ යුතුය යන සිඞ්නි මෝනින් ආදර්ශය ජනමාධ්‍ය විසින් අමතක කරන ලදි. බොහෝ විට අන්තවාදී කණ්ඩායම හෝ පොලිසීය එකම මූලාශ‍්‍රය විය.
පුද්ගලයන්, සුළුතර කණ්ඩායම්, ජාතීන්, දේශයන් හා සමාජ කණ්ඩායම් හැඳින්වීමේ දී විශේෂිත වූ පද භාවිත නොකිරිම ලොව ඕනෑම රටක පිළිගත් පුවත්පත් ආචාර ධර්මවලට අයත් වේ. එහෙත් මෙරට ජනමාධ්‍ය මෙය අමුඅමුවේ උල්ලංඝනය කළේ ය. ඒ නිසා, මරක්කලයා, උලමා යනාදී අපහාසාත්මක යෙදුම් එම වාර්තාවලට ඇතුළත් විය.
‘අප කළේ ඔවුන්ගේ ප‍්‍රකාශ පළකිරීම පමණයි. එය අපගේ මතය නොවේ.’ කතුවරුන්ට එසේ කිවහැකි ය. එහෙත් එය වගකීමෙන් තොර ප‍්‍රකාශයකි. එබඳු ප‍්‍රකාශ පළකරන්නේ නම් එය කළ යුත්තේ එයින් සමාජයට වන හානිය පිළිබඳ පාඨකයා විචාරවත් කිරීමේ අරමුණින් ය. ඒ සඳහා දැක්මක් අවශ්‍ය වේ. එහෙත් රාවය වැනි පුවත්පත් හැර ජාතික තලයේ ජනමාධ්‍ය ආයතන සෑම එකක් ම වාගේ ජාතිවාදී සහ ආගම්වාදී දෘෂ්ටි කෝණයකින් පුවත්පතේ අන්තර්ගතය සකස් කරනු පෙනේ. මේ නිසා හැඟීම් අවුළුවනසුලූ ප‍්‍රකාශ විචාරයකින් තොරව පළ කෙරේ.
මෙහිදී මුස්ලිම් විරෝධී මතවාදයක් සාමාන්‍ය ජනතාව අතර ඇති කිරීමට ජනමාධ්‍ය මූලික වූ බව පිළිගැනීමට සිදුවේ.
මුස්ලිම් විරෝධය ඇවිළවීම ඔස්සේ සිංහල සහ මුස්ලිම් ජනයා අතර ගැටුමක් ඇති කිරීම දේශපාලන ව්‍යාපෘතියක් බව බැලූ බැල්මට පෙනේ. මෙය 19 වැනි සියවසෙහි සිට මෙරට සිදුවූ ප‍්‍රාග්ධන සමුච්චකරණ කි‍්‍රයාවලියෙහි අනියම් ප‍්‍රතිඵලයකි. යටත්විජිත සමයෙහි මිනිරන් පතල් කර්මාන්තය, වතු ව්‍යාපාර සහ සමාන්තර කර්මාන්ත අංශයන්හි ව්‍යාප්තිය අනුව බලන විට උඩරට සිංහල ජනතාව කෘෂිකර්මය හැරුණු විට වෙළෙඳාම හෝ අනෙකුත් කර්මාන්ත කෙරෙහි උදාසීන ආකල්පයකින් කටයුතු කළ ද මුහුදුබඩ කරාව ජනයා නවීන වෙනස්කම්වලට නම්‍යශීලීවෙමින් එම ක්‍ෂෙත‍්‍ර හසුරුවන්නන් බවට පත්වනු නිරීක්ෂණය කළ හැකි ය. ඉංගී‍්‍රසි ඉගෙනීම ඔස්සේ සුදු කරපටි සේවයේ ඉහළම රැුකියාවලට ද ඔවුහු ප‍්‍රවිෂ්ට වූහ. මේ අනුව උඩරට සිංහලයන් අතර ක‍්‍රමයෙන් නව ධනපති පන්තිය කෙරෙහි ඊර්ෂ්‍යාවක් හා අවිශ්වාසයක් ගොඩනැගීමේ පසුබිමක් නිර්මාණය විය.
ඉංගී‍්‍රසි පාලන සමයෙහි අගනුවර ව්‍යාපාරවල ප‍්‍රමුඛත්වය ගෙන තිබුණේ සුළුතර ජනකොටස් ය. සිංහල ව්‍යාපාරිකයන්හට එම අවස්ථාව ලැබුණේ මඳ වශයෙනි.
ඉංගී‍්‍රසි පාලකයන් ජාතීන් වශයෙන් බෙදා පාලනය කිරීමේ ප‍්‍රතිපත්තිය අනුගමනය කළේ ජාතික ඒකාබද්ධතාව අධිරාජ්‍යයට තර්ජනයක් වේයැයි සිතූ හෙයිනි. 19 සියවය අග භාගයේ සහ 20 වැනි සියවස මුල්භාගයේ අගනුවර කි‍්‍රයාත්මකවූ විදේශීය බැංකු දේශීය ව්‍යාපාරිකයන්ට ණය ලබා දීමේ දී සිංහල ජනතාවට එක හැන්දකිනුත් සුළුතර ජනකොටස්වලට වෙනත් හැන්දකිනුත් බෙදීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. ඒ අනුව සිංහල ව්‍යාපාරිකයන්හට බැංකුවලින් ණය ලබා ගත නොහැකිවූ හෙයින් සුළු ජාතික ව්‍යාපාරිකයන්ගෙන් ගිනිපොලියට ණය ලබා ගැනීමට සිදුවිය. ණය අයකර ගැනීමේදී ඔවුන් දෘඪ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා ඇතැම්විට ණය ලබා ගත් සිංහල ව්‍යාපාරිකයන්ගේ දේපළ සුළු ජාතික ව්‍යාපාරිකයාට සින්නවූ අවස්ථා ද තිබේ.
ජිනසේන සමාගමේ සියවසක ඉතිහාසය ලියූ ඉන්දියානු ලේඛකයකුගේ කෘතියක සඳහන් වී ඇති කරුණු අනුව පෙනීයන්නේ සුළු ජාතික ව්‍යාපාරිකයන් ඉක්මනින් ධනවත් වන විට සිංහල ව්‍යාපාරිකයන් දුබල මට්ටමක සිටි බවත් ඔවුන් සුළුතර ව්‍යාපාරිකයන් කෙරෙහි වෛරයකින් පසුවූ බවත් ය.
1918 සිට වර්තමානය දක්වා දෙමළ විරෝධී සහ මුස්ලිම් විරෝධී කෝලාහලවල දී ඔවුන්ට අයත් කර්මාන්ත හා කඩ සාප්පු ගිනි තැබීමත් දේපල කොල්ලකෑමත් ජාතික සංදර්ශනයක් බවට පත්විය.
කොළඹ නගරයෙහි දෙමළ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික බලය සිඳ බිඳලීමේ සියුම් සැලසුමක් ඇතිදෝයි සැක හිතෙන මට්ටමට දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, පැහැරගෙන යෑම්, බිය ගැන්වීම් සහ ඔවුන්ට හිමි ඉඩම් බලෙන් අල්ලා ගැනීම් පසුගිය වසර කිහිපයක කාලයෙහි නිරන්තරයෙන් සිදුවිය. මෙහි අලූත් ම ප‍්‍රවණතාව වන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ කඩසාප්පු ගිනි තැබීම හා කොල්ල කෑම ය. මෙය ශක්තිමත් සිංහල ව්‍යාපාරික පන්තියක් ගොඩනැගීමේ දීර්ඝකාලීන සැලසුමක එක් පියවරක් විය හැකි ය.
ඒ සඳහා රටෙහි සුළුතර ප‍්‍රජාව බහුතරය බවට පත් ව බහුතර ප‍්‍රජාව සුළුතරය බවට පත් වූ ප‍්‍ර‍්‍රදේශවල ජන සංයුතිය වෙනස් කිරීම ද අවශ්‍ය වේ.
එම ප‍්‍රදේශවල ආර්ථික බලය හිමි සමාජ තීරුව මකා දැමිය යුතු වේ. එම ප‍්‍රදේශවල දේශපාලන බලය ක‍්‍රමයෙන් මහ ජාතිය සතුකර ගත යුතු වේ. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහමුලින් ම හතුරු වූ නාසි චින්තනයට ළං වන්නකි.
හිට්ලර්ගේ ළමා අවධිය අතිශයින් දුක්ඛිත එකක් විය. ඔහුට කුසගින්නේ පදික වේදිකාවේ නිදා ගැනීම ටසිදුවිය. ඔහුට ඒ අතර පෙනී ගියේ සරුසාර ජීවිතයකට උරුමකම් කියන නගරයේ යුදෙව් පවුල්වල සුබෝපභෝගී ජීවිතයයි. ඔවුන්ට හිමි ව තිබූ සමාජ හා අර්ථික බලයයි. තමන් ද අයත් ජර්මන් ජනතාවගේ දුප්පත්කමට හේතුව යුදෙව්වන් බවට හිට්ලර්ගේ සිතෙහි වෛරයක් ජනිත විය. යුදෙව්වන් ජර්මනියෙන් පමණක් නොව මුළු ලෝකයෙන් ම තුරන් කළ යුතුයැ’යි ඔහුට හැඟිණ. ඔහු බලයට පත්වීමෙන් පසු ව අසූ ලක්ෂයක් යුදෙව් ජාතිකයෝ ඝාතනය කරන ලදහ. එහෙත් යුදෙව්වන් අතුගා දැමිය නොහැකිවිය. එමෙන් ම හිට්ලර්ට දිවි නසා ගැනීමට සිදුවිය.
ලොව කිසිදු රටක මෙවැනි කෲරකම් අනාගතයේ දී ඇතිවීම වළක්වනු පිණිස මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයට ලොව බොහෝ රටවල් එකඟ විය. මූලික මිනිස් අයිතිවාසිකම් බටහිර උගුල් ලෙස සලකා බැහැර කළ හැකිද? ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති නිදහසේ ජීවත්වීමේ අයිතිය මෙරට ජීවත්වන සිංහල දෙමළ මුස්ලිම් සහ අනෙකුත් ජනවර්ගවලට පොදු ය.
එහෙත් මේ වන විට සිදුවෙමින් පවතිනුයේ ජාත්‍යන්තර සම්මුතීන් මෙන් ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද නොතකා බල පංගුකාරයන් වී සිටින ජාතිවාදී, ආගම්වාදී අන්තවාදී කණ්ඩායම්වල හීනමානය ප‍්‍රචණ්ඩාකාරයෙන් පිටතට ඒමට ය; එම හීනමානය අනුව දේශපේ‍්‍රමී දඩබල්ලන් ලිහා දැමීම ය.