ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   Featured

Published in Gossip
Monday, 06 January 2025 14:22

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආයතනය තුළ බරපතල අප්‍රසාධයක් සහ කැළඹීමක් හටගෙන තිබේ.

ඉකුත් ජනවාරි 2දා වැඩ ආරම්භ කරමින් ඔහු කළ කතාව මෙතෙක් ලේක්හවුස් ඉතිහාසයේ කිසිඳු සභාපතිවරයෙක් නොකළ අන්දමේ අන්තනෝමතික තර්ජනාත්මක කතාවක් බව සේවකයින් මෙන්ම සියලුම වෘත්තිය සමිතිද අවධාරණය කරයි.

''මාත් එක්ක ගේම් කෝල් කරන්න එපා. මං ඕනම දේකට ලෑස්තියි. මට ඕන අය දානවා. බැරි උන්ට යන්න පුලුවන්. ගේම නම් ගේම'' වැනි ගෝත්‍රික මට්ටමේ කතාවකින් ඔහු සේවකයින්ට තර්ජනාත්මක නියෝග ලබාදී ඇතැයි වාර්තා වේ.

මේ අතර, සම්මුඛ පරීක්ෂණ හරහා නීත්‍යානුකූලව ලබාදී ඇති කතෘ මණ්ඩලයේ තනතුරුවල පවා වෙනස්කම් සිදුකරමින් හෙතෙම අන්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවත්, කතෘමණ්ඩල අධ්‍යක්ෂවරයා මෙන්ම, ප්‍රධාන කතෘවරු පවා නොසලකා හරිමින් හෙතෙම කටයුතු කරන බවද පැවසේ.

තම හිතවතුන් යැයි කියාගත් පිරිසකට තනතුරු ලබාදීම සඳහා හෙතෙම පිඹුරුපත් සකසමින් සිටින බවත්, තමන්ට අවශ්‍ය අය පත් කරන නිසා ඕනම කෙනෙකුට ඉවත්ව යන්න පුළුවන් බවත් ඔහු පවසා තිබේ.

මේ වනවිට සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව සමස්ථ කාර්‍යමණ්ඩලය බරපතල කලකිරීමක සිටින අතර, වෘත්තීය සමිති සියල්ල ඒකමතිකව ඔහුට එරෙහි ස්ථාවරයකට පැමිණ සිටී.

කලක් මොහු ලේක්හවුස් ආයතනයේ සේවය කොට ඇති අතර, එවක ඔහුට කරගැනීමට නොහැකිවූ කාරණා පිළිබඳව වාඩුව පිරිමසා ගැනීමට වර්තමාන සභාපති තනතුර භාවිතා කරමින් සිටින බව සේවකයින්ගේ මතයයි.

Leave a comment

ld add copy

Connet With Us