ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරේ

Published in ක්‍රීඩා
Thursday, 10 October 2024 11:21

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

ඒ ඊයේ (09) ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 82කින් පරාජය වීමත් සමග යි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් විය.

එම ඉනිම වෙනුවෙන් හර්මන්ප්‍රීට් කෝර් ලකුණු 52ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 50ක් ලබා ගත්තාය.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.

ඒ අනුව තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ මූලික වටයේ පළමු තරග තුනම පරාජය වී ඇති අතර ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණි.

-p.m

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us