ඡන්ද පදනම හදා ගන්න ආණ්ඩුව අන්තවාදය පතුරවනවා

Published in පුවත්
Wednesday, 16 July 2014 13:46

බිඳ වැටී ඇති ආණ්ඩුවේ ඡන්ද පදනම ගොඩ නගා ගැනීමට සිංහල ජනතාව අන්දවලා කුළුගන්වලා ආණ්ඩුවම ඇතැම් අන්තවාදී පිරිස් ලවා ගැටුම් ඇති කරවන බව ගාල්ල දිස්ත්‍රික් එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රි එ. ජා. ප. මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පවසයි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේම ඡන්ද පදනමේ ශීඝ්‍ර බිඳ වැටීම කොතෙක්ද යන්න පිළිබඳ පසුගිය බස්නාහිර හා දකුණු පළාත් සභාවලින් පැහැදිලිව ඔප්පු වූ බවද ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රටේ ප්‍රශ්න විසඳමින් ජනතාවට ජීවන බර නැතිකර සහන ලබාදෙමින්, රට සංවර්ධනය කරමින්, රටේ නිෂ්පාදන ඉහළ දමමින් ඉදිරියට යෑමට යුද්ධයෙන් පසු වසර 5ක දිගු කලක් මේ ආණ්ඩුවට ලැබුණා. ඒත් ඒ කිසිදු ප්‍රශ්නයකට විසඳුම් දීමට ආණ්ඩුවට බැරි වූ බවයි.

ඒ තුළ ආණ්ඩුවේ වැඩ බැරිකමයි, බොරුවයි, ඇන්දිල්ලයි ජනතාව දැන් තේරුම් අරන් ඇති බවත් මේ රටේ ජනතාවගේ බඩගින්න තරුණ තරුණියන්ගේ විරැකියා ගින්න වගේම ජාතීන් අතර ඇති අනවබෝධ ගින්නත් නිවිය හැක්කේ එ. ජා. ප. ආණ්ඩුවකට විපමණක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us