මහේල සමුගත්තේ ඇයි ?

Published in පුවත්
Wednesday, 16 July 2014 11:55

දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්‌ට්‌ තරගාවලියෙන් පසුව තමන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා වෙත ලිපියක්‌ යොමු කර ඇති මහේල ජයවර්ධන, ඉදීරියේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය අතර ටෙස්‌ට්‌ තරගවලින් පසු තමන් එම තරග අංශයෙන් සමුගැනීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් සිය ලිපියෙන් අදහස්‌ දක්‌වා ඇති මහේල, 'වසර 18 ක්‌ තිස්‌සේ මගේ රට නියෝජනය කිරීමට ලැබීම මහත් භාග්‍යයක්‌. එයට සමුදීම ලෙහෙසු පහසු තීරණයක්‌ නොවෙයි. ඒත් මම විශ්වාස කරනවා මේ ඒ සඳහා වන සුදුසුකම කාලයයි කියලා'

ශ්‍රී ලංකාව මෙහෙයවන ලද නායකයන් අතුරින් වැඩිම ජයග්‍රාහී ප්‍රතිශතයක්‌ හිමි නායකයා බවට පත්ව සිටින මහේල, ටෙස්‌ට්‌ අංශයෙන් සමුගත්තද එක්‌දීන තරග අංශයෙන් ඉදීරියටත් ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

මේ වන විටත් 37 වැනි වියේ පසුවන මහේල ලසිත් මාලිංගගේ නායකත්වයෙ යටතේ ශ්‍රී ලංකාව දීනාගත් විස්‌සයි/20 ලෝක ශූරතා අවසන් මහ තරගයෙන් පසු විස්‌සයි/20 තරග අංශයටද සමුදුන්නේය.

1997 වසරේදී ඉන්දීයාවට එරෙහිව ටෙස්‌ට්‌ වරම් ලද මහේල එම තරගයේදී ලකුණු 66 ක්‌ වාර්තා කිරීමට සමත්විය. එතැන් පටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 145 කට සහභාගිවී ඇති මහේල එහිදී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50.18 ක්‌ වශයෙන් රඳා තබා ගනිමිනු මුලු ලකුණු 11,439 ක්‌ රැස්‌කරගෙන සිටින අතර එයට ශතක 33 ක්‌ සහ අර්ධ ශතක 48 ක්‌ ඇතුළත් වේ.

එක්‌දීන තරග 420 කට සහභාගිවී ඇති මහේල ශතක 16 ක්‌ සහ අර්ධ ශතක 72 ක්‌ සමගින් මුලු ලකුණු 11,681 ක්‌ රැස්‌කරගෙන සිටියි. එම අංශයේදී මහේල රැකගෙන තිබෙන උඩ පන්දු සංඛ්‍යාව 204 ක්‌ වන අතර එය එක්‌දීන තරග අංශයේ ක්‍රීඩකයෙකු රැකගෙන සිටින වැඩිම උඩ පන්දු සංඛ්‍යාව ලෙසද සටහන් වේ.

මහේලගේ සමුගැනීමට හේතුව 2015 වසර වන විට ඔහු සම්පූර්ණයෙන්ම ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබීමයි. එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින පිටියටද සමුදීමට තීරණය කර සිටින මහේල අනතුරුව ව්‍යාපාරික ලෝකය ජය ගැනීමට උත්සාහ කරනු ඇති බවටද වාර්තාවෙයි.

(free hit ඇසුරෙනි)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us