ලංකාවේ මීමැස්මොර රෝගීන් ලක්ෂ 03ක්

Published in පුවත්
Wednesday, 16 July 2014 10:14

ශ‍්‍රී ලංකාවේ අපස්මාරය හෙවත් මීමැස්මොර රෝගීන් ලක්ෂ 03ක් සිටින බව ජාතික රෝහලේ ස්නායූ රෝග විශේෂඥ මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඊයේ (15) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේදී පැවසීය. දැනට ලොවපුරා මිලියන 50ක් පමණ අපස්මාර රෝගයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.

අපස්මාරය මොළයේ සිදුවන සාමාන්‍ය විද්‍යුත් ක‍්‍රියාදාමයේ සුළු මොහොතකට ඇති වන අසාමාන්‍ය අධිවේගී වෙනසක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවත් මෙම රෝගය බෝවන රෝගයක් නොවන අතර සරල ප‍්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි රෝගයක් බවත් මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය පැවසුවාය.

මෙම රෝගය ඕනෑම වයසකදී ස්ත‍්‍රී, පුරුෂ භේදයකින් තොරව ඇතිවිය හැකි අතර රෝගීන්ගේ ප‍්‍රවණතාව ජනගහනයෙන් 1000කට රෝගීන් 09ක් බවත් ඇය අනාවරණය කලාය.

මෙහි රෝගී ලක්ෂණ ලෙස සිහිනැති වීම, කටින් සෙම වැගිරීම, දතකට පූට්ටුවීම, ඇස් උඩයාම, අතපය දරදඬුවීම, ගැස්සීම හා ඇතැම්විට මුත‍්‍රා පිටවීම ද දැකිය හැකිය. අපස්මාරය සෑදුණු රෝගියෙකු සමාජයෙන් කොන්කිරීමක් සිදු නොකළ යුතු අතර ඔවුන්ගේ ජීවන රිද්මය නොබිඳී පවත්වා ගෙන යාමට ඉඩ සලසා දිය යුතු වනු ඇත.

අපස්මාරය නිසා රෝගීන්හට ඇතිවන මානසික, සමාජීය හා ආර්ථික බලපෑම රෝගය නිසා ඇති වන කායික බලපෑමට වඩා වැඩි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය මෙහිදී පැවසීය.

මීමැස්මොරය අදෘශ්‍යමාන භූත බලවේග විසින් කරන බලපෑමක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවට සමාජයේ මිථ්‍යා විශ්වාසයක් ගොඩනැගී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ගැටලුවට මුහුණදීමට සිදුවන බවත් අවධාරණය විය.

යම් පුද්ගලයෙකුට මෙම රෝගය වැළඳුණ විට යකඩ කෑල්ලක් අතට දීම, හැන්දක් කටට දැමීම මෙන්ම වතුර හෝ බෙහෙත් ජාතී පෙවීම සිදු නොකළ යුතු වනු ඇත. එසේ කිරීම තුළින් රෝගීන්ගේ ජීවිතවලට පවා හානි සිදුවීමට ඉඩ ඇති බව ද පෙන්වා දෙයි. අපස්මාර රෝගය සෑදුණු රෝගියෙකු දුටු විට සෙම හිරවී රෝගියාගේ ජීවිතයට අනතුරක්වීම වළක්වාලීමට රෝගියා පැත්තකට හරවා තැබිය යුතුයි. විනාඩි කිහිපයකින් රෝගී තත්ත්වය සමනය නොවුණහෙත් වහාම ළඟම ඇති රජයේ රෝහලකට යොමු කළ යුතුය.

මෙම රෝගය කිසිම ආකාරයකින් අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුවන් ලැබීමට හෝ සාර්ථක ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොවනු ඇත. අපස්මාරය සෑදුණු රෝගියෙකු අවම වශයෙන් වසර 2ක් හෝ 03ක් අතර කාලයක් අඛණ්ඩව නිසි ප‍්‍රතිකාර ලබා ගත යුතු වේ. ඇතැම් රෝගීන්ට වසර 05 ක් හෝ 06 ක් වැනි දීර්ඝ කාලයක් ප‍්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවනු ඇත.

අතීතයේ පවා ලෝකයේ සුවිශාල දැවැන්තයන් පවා අපස්මාර රෝගයට ගොදුරු වී ඇති අතර ලෝකය ජය ගන්නට ඔවුනට මෙම රෝගය බාධාවක් වී නොමැති බව ද පෙන්වා දෙයි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නීලමණී රාජපක්ෂ මහත්මිය, රිජ්වේ ආර්යා රෝහලේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍යාරා රත්නායක මහත්මිය හා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සන්නිවේදන විශේෂඥ වෛද්‍ය කපිල සූරියආරච්චි මහතා සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us