"බොදුබල සේනාව මේ රට ලේ විලක් කරනවා, බොදු බල සේනාවට ගම්මිරිස් අඹරලා හැඳි ගෑවිලා යන්න වැඩ කළේ නැතිනම් මේ රටට හරියන්නේ නැහැ, බොරු ශෝභන වලින් මේ රටේ ජාතික සමගිය ඇති කරන්න බැහැ, මම නිවැරැදියි. සත්‍ය කවද හරි එළිවෙතැයි ජාතික බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් පවසති.
අසත්‍ය පැමිණිල්ලක් සිදු කළ බවට උන්වහන්සේට එරෙහිව ගොනුකර තිබු නඩුව ඊයේ (07) කැඳවූ අවස්ථාවේදී මාධ්‍ය අමතා උන් වහන්සේ මේ බව කියා සිටියේය.
රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් 50,000 බැගින් වු ශරීර ඇප දෙකක් මත ඒ හිමියන් නිදහස් කිරීමට පානදුර මහේස්ත්‍රාත් නියෝග කලේය.