subash

subash

කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ මස අගදී කොළඹ දී පැවැත්වීමට නියමිත එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින සංචාරයට එංගලන්ත පන්දුයවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සහභාගී නොවන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයද නිවේදනයක් කර තිබේ.

ලෝක පාපන්දු සභාපති සෙප් බ්ලැටර් මහතා ලබන දෙසැම්බර් 01 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර ගනිමින් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය වීමට නියමිත බව පසුගියදා වෙබ් අඩවි රැසක් වාර්තා කලේය.

ඉන්දියාවේ කොල්කටා වරාය ආශි‍්‍රත ප්‍රදේශයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට  තොරතුරු ලැබී අැත.ඒ තත්වය මත එම කලාපයට ඉන්දීය බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක්ද මේ වනවිට යොමු කරීමට පියවර ගෙන අැත. 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව එජාපයෙන් ඉදිරිපත් කරන බවට දැඩි ස්ථාවරයක සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, සිය ස්ථාවරය වෙනස් කරමින් පොදු අපේක්ෂකයෙකුට සහාය පල කිරීම සඳහා ඊයේ (04) දහවල් සිය කැමැත්ත පලකර තිබේ.

කාන්තාවන්ට වේශ නිරූපන ශිල්පීන් මෙන් ක්‍රියා කළ හැකි බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ දශක හයකට ආසන්න කාලයක සම්ප්‍රදායයක් බිඳ දමමිනි.

හම්බන්තොට සිදු කෙරෙන මහා පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට උද්ගතව තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 10ක් පමණ වෙඩි තබා හා විදුලි සැර යොදා ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප‍්‍රහාරයන්ට ලක් ව මිනිසුන් 7 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පමණ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී.

හල්දුම්මුල්ලමීරියබැද්ද නායයෑමට හේතුව එල්නිනෝ තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස යැයි හුවා දැක්වීමට මේ වන විට උත්සාහ දරමින් තිබේ.

නියඟයක් පැමිණි විට, ගංවතුරක් පැමිණි විට, නාය යෑමක් සිදුවූ විට දුප්පත්කම එහා මෙහා වන්නේ නම් ඒ දුප්පත්කම අනතුරුදායක මට්ටමක තිබේ. මෙම දුප්පත්කම තිරසාරව මැඩලීම සඳහා දුප්පත්කම 3% ට වඩා අඩුකළ යුතුය. එවැනි තත්ත්වයක් අත්පත්කරගෙන තිඛෙනුයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක පමණක් බවත් අනෙක් ප්‍රදේශවලත් තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ දැනුම, තාක්ෂණය හරහා ගොඩනැගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රබල අවියක් වන බවද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) උදෑසන කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී ''විදුහුරු හෙටක් තිරසර රටක්'' ජාතික විද්‍යා සතිය 2014 ප්‍රකාශයට පත්කරමිනි.

Connet With Us