subash

subash

Maithreepalaකාන්තාවන් දුම්පනයට ඇබ්බැහි වීම ශී‍්‍ර ලංකාවේද ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයි අධ්‍යයනවලින් හෙළිව තිබෙන බව මතින් තොර සමාජයක් 2014 වැඩසටහනට ඊයේ සහභාගිවෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවැසුවේය.

බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් ද සිල්වාට ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වී ඇත. කොලොම්බියාව සමග ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.


ඔහුගේ සිරුරේ පසුපස ප‍්‍රදේශයේ බිඳීමක් සිදුව ඇතැයි වෛද්‍යවරුන් පවසති. 

දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් ඊයේ රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යෑමට එන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. 

කොළඹ කොටුව බි‍්‍රස්ටල් වීදිය ප‍්‍රදේශයේදී ඊයේ (03) සිරුරට ගිනි තබාගත් පුද්ගලයා අද (04) උදැසන මියගොස් ඇත.

පෑලියගොඩ-කටුනායක අධිවේගී මාර්ගයට පොලිස් අණ නොතකා අනවසරෙන් ඇතුළුවූ යතුරුපැදිකරුවෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. 

ලොව ප්‍රථම වරට විද්‍යුත් ගංජා දුම්වැටියක් E-Njoint BV නම් නෙදර්ලන්ත සමාගම නිපදවල තියනවා.

මේ දුම්වැටියේ තියන විශේෂත්වය තමයි පාවිච්චි කරන පුද්ගලයාගේ අවශ්‍යතාවය පරිදි දියරමය ගංජා හෝ වියලි ගංජා පුරවාගත හැකි වීම.

නෙදර්ලන්තයේ මේ ප්‍රදේශයේ ජනතාව අහිතකර බැවින් අඩු මත්ද්‍රවය කෙරෙහි දක්වන්නේ නිදහස් ආකල්පයක්.

ලොව පුරාම වර්තමානය වනවිට විද්‍යුත් දුම්වැටි නිෂ්පාදනය ජනප්‍රිය වෙමින් පවතිනවා.

විද්‍යුත් දුම්වැටි ලොවට හදුන්වාදීමේ අරමුණ වෙලා තියෙන්නේ දුම්වැටි බාවිතයෙන් සිදුවන සෞඛ්‍ය ගැටළු අවම කිරීම.

ලොව ප්‍රථම වරට තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී ලිංග විපර්යාසයට ලක් වුවන්ගේ රුප සුන්දරී තරගයක් පැවැත් උනා.

මේ සඳහා එරට වාසය කරන සමලිංගික, ලිංගිකත්වය වෙනස් කරගත් හා ද්වි ලිංගික (lesbian, gay, bisexual and transgender) විශාල පිරිසක් සහබාගි වී සිටියා. තුර්කිය තුල සමලිංගිකත්වය නීති ගත කර තිබෙනවා.

නමුත් 2002 සිට සමලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන් 70ක් පමණ මර දමා තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ තරඟය පැවත් උනේ ඔවුන්ට එරෙහිව සිදුවන එවැනි හිංසා කිරීම් වලට එරෙහි වීමේ අරමුණ ඇතිවයි.

විවිධ අංග රැසකින් සමන්විත වූ මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 13ක් පමණ සහබාගි උණු අතර ජයග්‍රහණය ලබාගැනීමට සමත් උනේ Yanki Bayramoglu නම් සුරුපිනියයි.

Connet With Us