subash

subash

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් අදාළ පුහුණුව නතරකර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන හෙද නිලධාරිනියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
වනඅලි පැටව් අල්ලා කූඨ ලේඛන සකස් කොට තබාගැනීම වංචාවක් වුවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවන බව පරිසරවේදී  පුබුදු වීරරත්න පවසයි.

women in Management සංවිධානය මගින් සංවිධානය කළ Professional and Career Women Awards 2014 සම්මාන උළෙල පසුගියදා(25) ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත් උනා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභගි වුයේ බැසිල් රාජපක්ෂ මහතා සහ කැනේඩියානු මහා කොමසාරිස්වරයායි.



සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට ඉඩ සලසමින් අධ්‍යාපන අමාත්‍යංශය නව චක‍්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් හෝ වෙන කවරෙකු වුවද මුහුණ ආවරණය කරගෙන නොපැමිණිය යුතු බවත්, එයට කිසිසේත් ඉඩනොදෙන බවත්,  නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බවත්  මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළ බව ජාතික හෙළඋරුමය පවසයි.

 මීළඟ ජනාධිපතිවරණයේදී රට හැරවුම් ලක්ෂයක් කරා ගමන් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.  නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේදී ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ Enola Gay නමැති අමෙරිකානු ගුවන් යානයේ සිටි අවසන් ගුවන් සහයකයා මියගොස් තිබේ.

රාජකාරී කාලසීමාව තුළ නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඉදිරි දින දෙක ඇතුළත නම් කරන බව එරට පාර්ලිමේන්තුවේ කතානායකවරිය වන සුමිත‍්‍රා මහජන් පවසන්නීය.

ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය පැවසුවාය. 

Connet With Us