subash

subash

ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා සංගමයට රතු එළියක් දැල්වූ බවට පුවතක් හිටිවනම දැල්වුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයේ තවමත් ඇතැ’යි යන්නට ඉඟියක් ඒ හරහා සැපයුණා විනා අන් කිසි අරුතක් එයින් ගම්‍ය නොවුණි. ඒ අපගේ හැඟීමය. මෙරට සමස්ත ක‍්‍රීඩාවම දිනෙන් දින අපායටම යද්දී ක‍්‍රීඩා අමාත්‍යවරයා සුපිරි නිවහනේ නිදිකිරා වැටෙන අයුරු පහුගිය කාලය පුරාවටම දක්නට, අසන්නට ලැබුණි.

'ධනවත් මුග්ධයෝ හමුදාව සමග පරිසරය වනසයි' නමින් 2014 ජූලි 07 වන දා පලවූ ලිපිය සම්බන්ධයෙන් four wheel drive club හී වැඩ බලන ලේකම් අජිත් ප්‍රනාන්දු මහතා, එම ලිපියෙහි ඇතුළත් ඇතැම් කරුණක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් අපවෙත එවා ඇත. ඒ පහත පලකර සිටිමු.

ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කොටස් සමඟ සමගිය, සංහිදියාව හා එක්සත් භාවය ඇති කැර ගැනීම තමන්ගේත් ජනපතිතුමාගෙත් අරමුණ බව ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා තරඟවලින් සමුගැනීමට තීරණය කර තිබේ.

‘ජාතිවාදයන්ට, ආගම්වාදයට හා ගෝත‍්‍රවාදයට එරෙහි අපි මිනිස්සු’ තේමාවෙන් පැවැත්වෙන වැඩසටහනක් ජූලි 15 අඟහරුවාදා සවස 03 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

බාල වයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැන්මම ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් පත් යොමුකරන්නැයි පුද්ගලයින් ලියා පදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇත්නනි දිනාගන්නා ලදි. ඒ අප්පච්චි ටෙලි නාට්‍යයේ රංගනය සඳහාය.

 පසුගිය 12 වැනිදා පැහැරගෙන ‍ගොස් බෙලිඅත්තේදී කපා කොටා  දමා සිටියදී සොයාගත් තරුණයා ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගොස් තිබේ.

දකුණු අමෙරිකානු රටක් සත්කාරකත්වය දැරූ රටක යුරෝපානු රටක්ලෝක පාපන්දු කිරුළ දිනා ගත් පළමු අවස්ථාව බවට පත්කරමින් ආර්ජන්ටිනාව ගෝලඑකට බිංන්දුවක් ලෙස පරාජය කරමින් වසර විසි හතරකට පසු 2014 ෆිෆා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ජර්මනිය සමත් වුණි. 

Connet With Us