subash
පසුගිය ජනවාරි මස කැලිෆෝනියාවේ තම අසල්වැසි නිවසකට බිත්තර වලින් පහර දීමේ වරදට ජස්ටින් බීබර්ට අධිකරණය මගින් දඬුවම් නියම කෙරිණ.
තම අපේක්‍ෂකයා නියම වෙලාවට එළියට දාන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.
කොළඹ ඇස් රෝහලේ සේවය කරමින් සිටි හැට දෙහැවිරිදි කාන්තාවක් රෝහලේ කාමරයකට ඇද ගෙන ගොස් ඇයට මරණ තර්ජන කර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇස් රෝහලේම සුළු සේවකයෝ දෙදෙනෙක් මරදාන පොලිසිය මගින් ඊයේ (10 ) අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලිසියෙන් සහ පාතාල කල්ලිවලින් බව කියමින් රටපුරා ව්‍යාපාරිකයන්ට, ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගන්නා මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු හෙළිකරගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඊට සම්බන්ධ කාන්තාවක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.
දැනට බන්ධනාගාරවල සිටින මරණ දඬුවම නියම වූවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
ප‍්‍රංශ ජාතිකයෙකුට අසභ්‍ය චිත‍්‍රපට 200 ක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා බාල වයස්කාර පිරිමි ළමයින් සපයා ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන සංචාරකයන්ට මඟ පෙන්වන පුද්ගලයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය විසින් මීගමුව ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
වසර 24කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමට ආජන්ටිනාව අද අලූයම සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදී වත්මන් අනුශුරයින් වන නෙදර්ලන්තය පරාජය කරමිනි.
හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීම සඳහා බොහෝ රටවල ජනතාව "සන් ස්ක්‍රීන්" හෙවත් හිරු ආලේපන භාවිතා කිරීමට පුරුදුව සිටිති. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් මේ සඳහා වැඩි ඉල්ලුමක් පවති. මේවා නිෂ්පාදනය කරන ආයතන, තම ආලේපන හිරු එළියෙන් සම ආරක්ෂා කරන බවත් සමට මනා පෝෂණයක් සපයන බවත් පවසති.
රුහුණු හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් 12දෙනෙකු පොලීසියට එරෙහිව ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසංග වේදිකාවට අලුත් ආරයක් හඳුන්වා දුන් ජොලි සීයා හෙවත් චන්දු ද සිල්වා තමන් වගේම සුදු කොණ්ඩෙත්, සුදු රැවුලත් දාගෙන කටහඩත් වෙනස් කරගත්තු තව තවත් සීයලා 04 දෙනෙකුට විරුද්දව නඩු පවරා ඇත.
