subash
පලස්තීනයට එල්ලකරන ප‍්‍රහාර වහා නතර කරන ලෙස බලකරමින් හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ඊශ‍්‍රයාල - පලස්තීන පීඩිතයන්ගේ සමගිය ගොඩනඟන ලෙස ඉල්ලා සිටිමින් වාමාංශික දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, හා බහුජන සංවිධාන වල සහභාගීත්වයෙන් යුතු උද්ඝෝෂණයක් ‘‘පලස්තීනයට ජීවත්වීමට ඉඩදෙනු” තේමාව යටතේ, ඊයේ (31) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි.
තංගල්ල ද නේචර් හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සමූහ ලෙසින් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර නියම කළ විසි අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවමට එරෙහිව එම රැඳවියෝ ඊයේ (31 දා ) කොළඹ මහාධිකරණය වෙත අභියාචනා ගොනු කරනු ලැබූහ.
උතුරේ සහ දකුණේ ජනමාධ්‍ය සංගම් කීපයක් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක් එකතුව යාපනයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ.
මේ වන විට දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණ පා සිටින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු,ජා ඇල ඒකල පිහිටි අක්කර 71 ක ඉඩම විකිණීමට අනුමැතිය ඉල්ලා ජන මාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඌව පළාත් සභා මැතිවරණය සන්ධාන ආණ්ඩුව විසින් ජයග‍්‍රහණය නොකළහොත් තමා දකුණු කණ කපා ගන්නා බවට වරාය, මහා මාර්ග සහ නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර තිබේ.
2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් ‘මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් (Katia Wagner) ඊයේ ලංකාවට පැමිණියාය. ඒ තවත් දින කිහිපයකින් පැවැත්වෙන දෙරණ මිස් ශ්‍රී ලංකා අවසන් තරඟයේ ජය ලබන්නියට එම කිරුළ පැළඳවීමටයි.
කාන්තාවන් ගැන කතා කිරීමට රුචියක් දක්වන ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ උත්සවයකදී ඔහුගේ පුතු වන සේනාල් වෙල්ගම ඉදිරියේදීද කාන්තාවන් ගැන කතාවක් පවත්වා තිබුණි.
ආසියාවේ නොමිලේ ලබාදෙන ප‍්‍රථම කෙටි පණිවුඩ සේවාව ලංකාවේ ආරම්භ කර ඇති අතර ඒ සදහා ලියාපදිංචි වීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මගින් මේ වනවිට පහසුකම් සලසා තිබේ.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ලිබියාවේ වෙසෙන සහ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.
