ඉඩම් විකුණා ගුවන් විදුලිය රැකගන්න යයි.

Published in පුවත්
Thursday, 31 July 2014 15:31

මේ වන විට දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණ පා සිටින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු,ජා ඇල ඒකල පිහිටි අක්කර 71 ක ඉඩම විකිණීමට අනුමැතිය ඉල්ලා ජන මාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එසේ අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් සංස්ථාව නවීකරණය කිරීම, අතිරික්ත සේවකයින් සඳහා ස්වේච්ඡා වන්දි ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම, සංස්ථාවේ ගුවන් විදුලි නාළිකාවල වැඩසටහන් වල අන්තර්ගතය පෞද්ගලික නාලිකා සමඟ තරඟ කළ හැකි ලෙස වැඩි දියුණු කිරීමට යෝජනා කර ඇත.

සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයේ සිට විකාශණය කෙරෙන ගුවන් විදුලි නාළිකා 7 නාළිකා 4 දක්වා අඩු කිරීමට ද යෝජනා කර ඇත.

ගුවන් විදුලි සංස්ථාව මේ වන විට ලබන පාඩුව පියවා ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව රුපියල් කෝටි එක හමාරක මුදලක් ලබා ගැනීමට ද ඇමතිවරයා යෝජනා කර තිබේ.

සංස්ථාව මාසිකව රුපියල් එක් කෝටි විසි ලක්ෂයක ආදායමක් ලැබූවද සංස්ථාවේ සේවක වැටුප් හා විදුලි බිල සඳහා රුපියල් පන් කෝටි විසි ලක්ෂයක මුදලක් වැය වන බව ඇමති රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us