කුරාම් ෂෙයික්‌ ඝාතකයින් ගෙන් අභියාචනා

Published in පුවත්
Friday, 01 August 2014 09:35

තංගල්ල ද නේචර් හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සමූහ ලෙසින් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර නියම කළ විසි අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවමට එරෙහිව එම රැඳවියෝ ඊයේ (31 දා ) කොළඹ මහාධිකරණය වෙත අභියාචනා ගොනු කරනු ලැබූහ.

සිරගත රැඳවියන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් විසින් අභියාචනා ගොනු මහාධිකරණ ලේඛකාධිකාරීවරිය වෙත භාර දෙනු ලැබූහ.

නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්‌කිවලින් චෝදනා ඔප්පු කර නොමැති තත්ත්වයක ඒ පිළිබඳව සැලකිල්ලක්‌ නොදක්‌වා මහාධිකරණ විනිසුරුවරිය තමන් වැරදිකරුවන් කර ඇති බව පවසන චූදිතයෝ නඩු විභාගයේදී නීතිමය හා සිද්ධිමය කරුණු පිළිබඳව අවධානය යොමු කර නොමැති බවත් කියා සිටිති.

තමන් වැරදිකරුවන් කරමින් මහාධිකරණය මගින් ලබා දෙනු ලැබූ තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙසත්, තමන් නිදොස්‌ කොට නිදහස්‌ කරන ලෙසත් චූදිතයෝ සිය අභියාචනාවලින් ඉල්ලා සිටිති.

චූදිත රැඳවියන් වෙනුවෙන් මහාධිකරණය වෙත ඉදිරිපත් වූ අභියාචනා ගොනු සමඟ සම්පූර්ණ නඩු ගොනුව ඉදිරි සතියේදී අභියාචනාධිකරණය වෙත යොමු කිරීමට කටයුතු යොදන බව එම අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහාධිකරණ තීන්දුව මගින් විසි අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ලහිරු කැළුම් හෙවත් රවීන්ද්‍ර, උඩුවනගේ සමන් දේශප්‍රිය හා වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග යන විත්තිකරුවෝ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us