ගෝඨාට, මුදල් ලේකම් වෙන්නැයි විමල් කියයි

Published in පුවත්
Friday, 01 August 2014 10:44

මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට නාගරික සංවර්ධන සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැන්නෙකු පත් කළ යුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

කොළඹ අග නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 400 ක වියදමින් නවීකරණය කරන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ මාර්ග පද්ධතිය හා ජලාපවාහන පද්ධතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන්, කෝට්ටේ නගර සභා ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් එසේ පැවසු අමාත්‍යවරයා, වසර තිහක යුද්ධයෙන් පසුව රට අත්පත් කර ගෙන ඇති සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා එය අත්‍යවශ්‍ය කාරණයක් බවද කියා සිටියේය. 

"  මිනිසුන්ට නිදහස  ඕනි.... හවසට දරු පවුලත් එක්ක 6- 7 උද්‍යානයකට ඇවිල්ලා ගියාම ?ට නියමිත ගැටුම වලක්වා ගන්න පුළුවන්...අවුරුදු 30 ක් අපස්සට ගියානම් ආපස්සට ගිය 30 අල්ලන්න නම් මෙනන් මෙහෙම වැඩ කරන ලේකම් වරු අපිට ඉන්න  ඕනී... නැත්නම් ආපස්සට ගිය 30 අල්ලන්න  බෑ අයේ... මගේ නම් ප‍්‍රාර්ථනාව මුදල් අමාත්‍යාංශයට ඔබ තුමා වැනි ලේකම් කෙනෙක් පහල වේවා...'' යයි ද අමාත්‍යවරයා පැවසිය. 

මෙම අවස්ථාවට  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, එහි අතිරේක ලේකම්  රොහාන් සෙනෙවිරත්න, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක යන මහත්වරු,  ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

මෙහිදී තවදුරටත් සභාව ඇමතු විමල් විරවංශ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ දේශපාලනයට එන්නැයි ප්‍රසිද්ධියේ ආරාධනා කළේය. 

'' මිනිසුන්ගේ අහිංසකකම, දුප්පත්කම පාවිච්චි කරලා ඡන්ද ගැනීමේ, බඩු බෙදන සිල්ලර දේශපාලනයක් අද මේ රටට අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ රට ඉදිරියේ ඇති අනාගත අභියෝග ජයගැනීමට ප්‍රගතිගාමී සැලැස්මක් සහිතව  එම අභියෝගයන් මනා ලෙස ජයගත හැකි වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල කරා රට රැගෙන යාමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දක්ෂ නිලධාරියෙකු අපේ රටේ දේශපාලන ප්‍රවාහයට සම්බන්ධවීම ඉතා වැදගත් කටයුත්තක් වෙනවා'' යයි අමාත්‍යවරයා පැවසිය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us