ආණ්ඩුව තොන්ඩුව දාගෙන ඉවරයි - ජාහෙඋ

Published in පුවත්
Friday, 01 August 2014 10:50

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වර්තමාන ගමන් මග සම්බන්ධයෙන් තම පක්‍ෂය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ජාතික හෙළ උරුමයද පවසයි.

 ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය ඊයේ  කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා කියා සිටියේ, ජාතික වශයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමේදී සන්ධානයේ හවුල්කාර පක්‍ෂ ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි.

"  අපි කනගාටුවට පත් වෙනවා... රටේ ජාතික වශයෙන් ඉතාම වැදගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශව කරුවන් එක්ක සාකච්ඡාවක් , සංවාදයක්... අදහස් විමසීමක් සිදුවෙලා නැහැ....

දකුණු අපි‍්‍රකානු විශේෂ නියෝජිත සමපොසා ශී‍්‍ර ලංකාවට පැමිණීම සම්බන්ධව, ඔහුගේ කාර්්‍ය කුමක්ද... ඔහු කුමන අරමුණක් තියාගෙන ලංකාවට එනවාද මේ කිසිවක් පිළිබද අපි දන්නේ නෑ... නමුත් ඔහු ලංකාවට ඇවිල්ලා ගියා... ඒ නිසා  මේ කාරණා සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විදිහට මේ ගනු ලබද තීන්දු තීරණ සම්බන්ධයෙන් බැදීමක් නැහැ...


අපි කනගාටු වෙනවා මේ සන්ධාන ආණ්ඩුවේ සමගිය, එක්සත් භාවය ඒ සියළු පක්ෂ වල සියළු ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපේ බලවත් අසතුට පල කරනවා... " යයි ද ඔහු පැවසිය. 

මානව හිමිකම් මුල්කර ගෙන ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෑත කාලයේ රජය ගත් තීන්දු හේතුවෙන් රටට අවාසියක් සිදුවන බවද නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේය. එවැනි තීන්දු ගැනීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂවල එකගතාව ලබානොගත් බව  ඔහු කියාසිටියේය. 


" මෑත කාලයේ බරපතල කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත්තා ඒක තමයි මේ ජාත්‍යන්තර වශයෙන් එල්ල වෙලා තියන යුද අපරාධ පිළිබදව චෝදනාව.... මේ සම්බන්ධයෙන් රජය විමර්ශණ කමිටුවක් පත් කරා...

 ඒ විමර්ශණ කමිටුවට  විදේශීය 3 ක් නම් කරා... මේ අය කවුද ? මේ අය ලොකයේ යුද අපරාධ පිළිබද සොයා බලන්න ගිය රටක් නිර්දේශී කරලා තියනවාද බලන්න... ලයිබීරියාවේ ජනාධිපති දැන් අවුරුදු 50 කට සිරදඩුවම් ලබනවා...

 මේ පත් කරපු 3 න් එක්කෙනෙක් තමයි ලයිබීරියාවේ විමර්ශණය කළේ... මම හිතන්නේ  පිල්ලේ තොන්ඩුව දාන්න කලින් ලංකාව තොන්ඩුව දාගෙන ඉවරයි යුද අපරාධ සම්බන්ධයෙන්.... එල්ලෙන්න විතරයි තියෙන්නේ...  " යයි ද වර්ණසිංහ මහතා වැඩිදුරටත් පැවසිය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us