ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ, ඉදිරි සති දෙක තුළ ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ය.
දිනෙන් දින වර්ධනය වන ලිබියාවේ ගැටුම් හේතුවෙන් මෙම තීරණයට එළඹි බව මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, ලිබියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ය.
ලිබියාවේ වෙසෙන සහ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.
Leave a comment