subash
පසුගියදා සිදුවූ මැලේසියානු MH17 ගුවන් අනතුරෙන් ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති මැලේසියානු සිනමා තරුවක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි සුභාෂිනී ජයරත්නම් නැමැති කාන්තාවකි.
දුම්පානය කරනවාට වඩා වාඩිවී සිටිම භායානක බව පර්යේෂණ කළ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පවසති.
ඔබ ඔබට ම ලොකු උපකාරයක් කිරීමට කැමති ද ? එසේ කැමතිනම් වහාම ඔබ හිඳ සිටින පුටුවෙන් නැගිටින්න. දැන් යලිත් මේ පරිගණක තිරය දෙස බලන්න. මෙය නුසුදුසු දෙයක් ලෙස හෝ අපූර්ව දෙයක් ලෙස ඔබට දැනේවි. එහෙත් මෙය ඔබගේ මනා සෞඛ්‍යට මහඟු පිටිවහලක් වේවි. එමෙන් ම ඔබේ ආයුකාලය ද වැඩිකැර ගත හැකිවන බව ස්ථිරයි.
ලක්ෂපාන දිය ඇල්ල විනාශ කරනවාට, විදෙස් පරිසරවේදීන්ගේ විරෝධය
පරිසරවේදීන්ගේ විරෝධය කැළණි ගෙඟ් අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානිය නවත්වන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ තානාපති වීද්‍යාඥ පැටිරික් කික්බි විසින් අප වෙත ලිපියක් යොමුකර ඇති අතර අදාළ බලධාරින් වෙත එය යෙමුකරන ලෙස ඉල්ලා ඇත.
වැඩිපුරම සියදිවි නසා ගන්නේ තරුණයන් බව හ්ර්ලිව තිබේ. තරුණයන් අතර මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුව ඝාතන, සියදිවි නසාගැනීම් හා තමන්ට ශාරීරික වදහිංසා පමුණුවා ගැනීම බව අනාවරණය වී තිබේ.
පොලිස්වාර්තාවලට අනුව 2011වර්ෂයේ තරුණ මරණ සංඛ්‍යාවෙන් තුන්දහස් හත්සියහැත්තෑවක් (3770) සියදිවි හානි කර ගැනීම් බව තරුණ කටයුතු හා නිපුණතාසංවර්ධන අමාත්‍යංශයෙන් පසුගියදා නිකුත් කළ "තාරුණ්‍ය සහ සංවර්ධනය - 2014" නමැති සංග්‍රහයේ සඳහන් කර ඇත.
ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරියෙකු සමග ඇති වූ මතබේදයක් නිසා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පන්සල්, කෝවිල්, පල්ලි, පාසල් සහ කාසි භාවිතයට ගැනෙන විවිධ වෙනත් ස්‌ථානවලට රැස් කෙරෙන කාසි වෙළෙඳපොළ සංසරණයට එක් නොකිරීම නිසා වෙළෙඳපොළේ කාසි හිඟයක් ඇතිවී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම ස්‌ථානවලට ගොස් කාසි එකතු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කාසි දහකට රුපියල් දෙසියක දිරි දීමනාවක්‌ද ලබාදීමට පියවර ගෙන ඇත.
තමා පසුපස ලුහු බඳින යතුරු පැදි සහ ත්‍රීවීලර් රථවල අංක තහඩු ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
ආසන වෙන් කිරීම සම්බන්ධ මතභේදයට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
මේ වන විට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ සේවය කරමින් සිටින මල්ලිකා සමරසේකර මහත්මියගේ වයස පූර්ණ වීම නිසා ලබන සඳුදා (28) විශ්‍රාම ගැනීමට නියමිත අතර, ඊට අනුප්‍රප්තිකයකු පත් කිරීම සම්බන්ධයෙන් මෙවනවිට බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
උතුරු මැද පාසල් සිසුන්ට දෙවියන්ගෙන් ලබාගත් බව කියන කැඳ වට්ටෝරුවක් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශයද සහිතව ලබාදීමේ කූට පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවට ලංකා ගුරු සංගමය පවසයි.
