රජරට සිසුන්ට රු. 700කට දෙවියන්ගේ කැඳ !

Published in පුවත්
Monday, 21 July 2014 09:56

උතුරු මැද පාසල් සිසුන්ට දෙවියන්ගෙන් ලබාගත් බව කියන කැඳ වට්ටෝරුවක් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශයද සහිතව ලබාදීමේ කූට පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවට ලංකා ගුරු සංගමය පවසයි.



නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ රුපියල් 140කට පමණ මිලදී ගත හැකි හාල් කිලෝවක් මේ යටතේ 700ට බලහත්කාරයෙන් මිලදී ගැනීමට සලස්වා ඇති බවයි.

මේ බව සඳහන් සම්පූර්ණ නිවේදනය මෙසේය.

උතුරු මැද පළාතේ පාසල් 300 ක නව පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එය ආරම්භ කර ඇත්තේ පවතින පෝෂණ ව්‍යාපෘතිය අභිබවා යන ආකාරයටය. මෙම පෝෂණ ව්‍යාපෘතිය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාගේ නිර්දේශ මත සිදු කරන කි‍්‍රයාවලියක් වීම තවත් විශේෂත්වයකි.

මෙම පෝෂණ ව්‍යාපෘතිය යටතේ කුඩක් සහිත කැඳ මිශ‍්‍රණයක් පාසල්වලට ලබාදීමට කටයුතු කොට ඇත. මෙහි කිලෝ ග‍්‍රෑම් 1 ක වටිනාකම රු.700 කි. මෙහි අන්තර්ගතය වන්නේ දේශීය සහල් කිලෝ 1ක් සහ ග‍්‍රෑම් 100 ක පමණ කුඩු වර්ගයකි. මෙය අධිපෝෂණයෙන් යුත් දෙයක් බව පවසමින් සතියට දින දෙකක් පාසල්වලට අනිවාර්යයෙන් ලබාදිය යුතු බව ද සඳහන් කර, මිලදී ගැනීමට බලකොට ඇත.

පෝෂණ ව්‍යාපෘතිය සඳහා එක් දරුවෙකුට වෙන් කොට ඇති රු.22 න් රු.8 ක් මෙම කැඳ මිශ‍්‍රණයට අය කර ගැනේ. පවතින පෝෂණ ව්‍යාපෘතියේ සැපයුම්කරුවන් වන්නේ ප‍්‍රදේශයේ සමෘද්ධි ලාභීන්ය. ඔවුන්ගේ පෝෂණ සැපයුම් වෙනුවෙන් ලබාදෙන රු.22 න් මෙම රු.8 ක මුදල කපා ගන්නා අතර මේ නිසා ඔවුන්ට ද බරපතළ අසාධාරණයක් සිදුව ඇත. මෙය කලාප අධ්‍යාපන කාර්යාලය හරහා ඍජුවම කපා ගන්නා අතර සැපයුම්කරුවන් තෝරාගත් ආකාරය ද පැහැදිලි නැත.

රජරට ප‍්‍රදේශයේ කැඳ සඳහා අවශ්‍ය දේශීය සහල් කිලෝ 1 ක් රු.140 කට පමණ ලබාගත හැකි අතර කැඳ මිශ‍්‍රණය සඳහා අවශ්‍ය වන පළා වර්ග, කොළ වර්ග අවශ්‍ය තරම් තිබේ. එසේ තිබියදී කොළඹින් ප‍්‍රවාහනය කොට මෙම මිශ‍්‍රණය ලබාදීම පෝෂණ ව්‍යාපෘතියට මුවා වී සිදු කරන බරපතළ කූට ව්‍යාපාරයකි. මෙම කැඳ වට්ටෝරුව සහිත ලිපියක් පාසල්වලට ලබාදී ඇති අතර එහි කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාගේ පණිවිඩයක් ද අන්තර්ගතය. එහි සඳහන් වන්නේ මෙම කැඳ වට්ටෝරුව දෙවියන්ගෙන් ලබාගත් වට්ටෝරුවක් බවයි.

අඩු මුදලකට අවශ්‍ය කැඳ සකසා ගත හැකිව තිබියදී කිලෝ 1 ක් රු.700 බැගින් රජරට දරුවන්ට දෙවියන්ගේ හාල් කැවීම ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළාදකී. පවතින පෝෂණ ව්‍යාපෘතිය අභිබවා සිදු කරන මෙවැනි කූට ව්‍යාපාරයන් නතර කරන ලෙස ද ලංකා ගුරු සංගමය පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    ජෝසප් ස්ටාලින්
    ප‍්‍රධාන ලේකම්

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us