දේශීය ආදායම් මහ පුටුවට යුද්ධයක් !

Published in පුවත්
Monday, 21 July 2014 10:44

මේ වන විට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ සේවය කරමින් සිටින මල්ලිකා සමරසේකර මහත්මියගේ වයස පූර්ණ වීම නිසා ලබන සඳුදා (28)  විශ්‍රාම ගැනීමට නියමිත අතර, ඊට අනුප්‍රප්තිකයකු පත් කිරීම සම්බන්ධයෙන් මෙවනවිට බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 




එම ධුරය සඳහා ජේෂ්ඨත්වය අනුව අනුපිළිවෙලින්, ලීලා රාමනායක, කේ.ඒ.පි.කළුආරච්චි හා කල්‍යාණි දසනායක යන මහත්ම මහත්මින් සුදුසුකම් ලබා ඇත.

එහෙත් ලීලා රාමනායක, කේ.ඒ.පි.කළුආරච්චි යන දෙදෙනා මේවනවිට මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කර ඇති අතර, කළුආරච්චි මහතා ලබන දෙසැම්බරයේ විශ්‍රාම යාමට නියමිතය. එසේම,  ලීලා රාමනායක මහත්මිය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව මීළඟ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය දැරීමට වඩාත්ම  සුදුසුකම් ඇත්තේ කල්‍යාණි දසනායක මහත්මියට බව මුදල් අමාත්‍යංශයේ  මතය බව පැවසේ. ගාල්ලේ පදිංචිකාරියක වන ඇය, ජනාධිපතිවරයාගේ ද සමීපතම ඥාතියකු බව වාර්තාවේ. 


සුදුසුකම් එසේ තිබියදී,  ජේෂ්ඨත්වය අනුව පහලින් සිටින වසන්ති මංචනායක මහත්මිය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ ජේෂ්ඨතම නිලධාරියකු කටයුතු කරමින් සිටින බව දේශීය ආධායම් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.


මේ වෙනුවෙන් ඔහු ජනාධිපතිවරයාගේ බලතල පවා අනිසි ලෙස යෝදා ගනිමින් සිටින බවද වාර්තාවේ. අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මිට හේතුවී ඇත්තේ, වසන්ති මංචනායක මහත්මියගේ සැමියා වන විජය මංචනායක නැමැත්තා අදාළ නිලධාරියාගේ සමීපතම මිතුරකු වීමයි. ඔවුන් දෙදෙනා එක්ව කලක් ගණකාධිකාරී ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇත. 


මෙම තත්වය යටතේ අදාළ නිලධාරියා, කල්‍යාණි දසනායක මහත්මියට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරය ලබා ගැනීමට නොහැකි වන පරිදි  කැබිනට් පත්‍රිකාවක් ද කෙටුම්පත් කර ඇති අතර, එය මෙම  සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අනුමත කර ගැනීමට නියමිත බව පැවසේ.


එම කැබිනට් පත්‍රීකාවට අනුව මෙම ධුරය සඳහා පත්වීමට වයස් සීමාවක් හදුන්වා දී ඇත. එම අලුත් නීතිය අනුව එම ධුරය සඳහා පත්වියයුත්තේ වසර තුනක කාලයක්වත් එම ධුරයේ සේවය කළ හැකි අයෙකුට පමණය.


මේ වසර තුනේ සීමාව පැනවූයේ වත්මන් ජෙනරාල්වරිය විශ්‍රාම යන දිනය වන විට මීලඟ පත්වීමට නියමිත දිසානායක මහත්මියගේ වයස හරියටම අවුරුදුදු 57 යි මාසයක් ඉක්මවන නිසාය. ඒ අනුව ඇයට වසර තුනක කාලය එම තනතුරේ සේවය කළ නොහැකි නිසා, ඇයට එම ධුරයට පත්වීමේ සුදුසුකම් ඇහිරී යනු ඇත. 


 මේ අනුව මෙම කැබිනට් පත්‍රීකාව අනුමත කොට වසන්ති මංචනායක මහත්මිය පත්කරනවාද ? නොඑසේනම් කැබිනට් පත්‍රීකාව සංශෝධනය කොට හෝ කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් නොකොට කල්‍යාණි දසනායක මහත්මිය පත් කරනවා ද ? යන තීරණය මුදල් විෂය බාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුලදී ගත යුතු ඇත. 

Last modified on Monday, 21 July 2014 11:40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us