ඖෂධයක් නිසා සිසුන් අතර උන්මාදයක්!

Published in පුවත්
Monday, 21 July 2014 11:00

ලිංගික දුබලතා සඳහා ලබාදෙන කිසියම් ඖෂධයක් වැරදි මාත‍්‍රාවන්ගෙන් හිතුමතේ ලබා ගැනීමට පාසල් සිසුන් සහ ඇතැම් තරුණ කණ්ඩායම් පෙළඹී ඇතැයි අධ්‍යයනයකින් හෙළිව ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විලවුන් උපකරණ හා ඖෂධ නියාමන ජාතික අධිකාරියේ ප‍්‍රධාන ආහාර සහ ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසුයේ, බෙහෙත් නිර්දේශ කරන්නේ රෝගීයාගේ හෝ එම බෙහෙත භාවිත කිරීමට සැරසෙන පුද්ගලයාගේ රුධිර පීඩනය සහ ඔහුට තවත් රෝග තිබේද යන්න පරීක්ෂා කිරීමෙන් පසුව බවයි.

එසේ තිබියදී යම් බෙහෙත් පෙත්තක් ගැනීමෙන් පසු ලිංගික ශක්තිය වැඩිවේය යන මිත්‍යා මතය නිසා පාසල් සිසුන්, තරුණ වයසේ පුද්ගලයන් ඉවක් බවක් නැතිව මෙම පෙත්ත භාවිත කරන බවට තොරතුරු ලැබී තිබේ.

අදාළ ඖෂධය වෛද්‍ය උපදෙස් නොමැතිව හිතුමතේ ලබා ගැනීමෙන් විවිධ ව්‍යාකූලතා ඇතිවිය හැකි බව අමිත් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව මෙම අයහපත් නැරඹුව වළක්වාලීමට විවිධ වැඩසටහන්ද කි‍්‍රයාත්මක කර ඇති බව අමිත් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව, අත්පති‍්‍රකා බෙදාහැරීම, ඖෂධ ශාලාහිමියන්, ඖෂධවේදීන්, ඖෂධ ශාලා සහායකයින් වැනි කණ්ඩායම් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පැවසිය. එසේම කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පාසල් සිසුන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු කියා සිටියේය.

ලිංගික උත්තේජනයක් ඇති කරවන බවට සඳහන් කරමින් ඇතැම් ඖෂධ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පවා කරයි. ඒ නිසාද අදාළ ඖෂධ හිතුමතේ ලබා ගැනීමට පාසල් සිසුන් හා තරුණ කණ්ඩායම් පෙළඹිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව එවැනි පුවත්පත් දැන්වීම් වළක්වාලීමට කටයුතු නොකරන්නේ දැයි කළ විමසීමේදී ඔහු මෙසේ පැවසිය. ''මෙවැනි දැන්වීම් තිබෙන්නේ බටහිර ඖෂධ ගැන නොවෙයි. බටහිර ඖෂධ ගැන වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කරන්න බැහැ පූර්ව අනුමැතියකින් තොරව. වෙනත් බටහිර ඖෂධ නොවන නිෂ්පාදන ගැන තමයි වෙළෙඳ දැන්වීම් තිබෙන්න පුළුවන් වන්නේ. ඒ ගැන කටයුතු කිරීමේ හෝ අදහස් ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඒ එම ඖෂධවල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් නියාමනයක් නොකරන නිසා...''

කෙසේ කිසියම් බටහිර ඖෂධයක් පිළිබඳ වෙළෙඳ දැන්වීමක් ප‍්‍රචාරය කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන බවද අමිත් පෙරේරා මහතා කියා සිටියේය.

(නෙත් එෆ්.එම්)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us