subash

subash

'පළමු පෙරමුණ' නමින් රටපුරා පෝස්ටර් අලවා ඇති බහුජන ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අතකොළුවක් බව, පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  'ලංකා වීව්ස්' වෙබ්අඩවිය ප්‍රකාශ කරයි.

රටපුරා රෝහල්වල ශ්‍රේණි 27කට අයත් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති අරගලයක යෙදී සිටීම නිසා, කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ද ඇතැම් කටයුතු සඳහා ද බාහිර පාර්ශ්වයන්ගේ සහය ලබාගෙන ඇත.

2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් ‘මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් අද (30) ශ්‍රී ලංකාවට පැමිණියාය. මෙවර ටී.වී දෙරණ විසින් සංවිධානය කරනු ලබන ‘වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිනට කිරුළ පැළැන්දවීම ඇය විසින් සිදුකෙරෙනු ඇත. 

VIP ස්පා ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලොවට පිවිසි කෞශල්‍යා මාධවී මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී තරඟ වදින හිටපු මහ ඇමති හා වත්මන් කතානායකවරයාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පිලිබඳ චරිත සහතිකයක් ලබාදී ඇත. 

සේරුවිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය අමතමින් පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පසුගියදා පවසා සිටියේ අනුලා දේවිය ලංකාවේ රජකම් කළේ බුද්ධ වර්ෂ 47-44 අතර කාලයේ බවයි.

ශ්‍රී ලංකාව ණය බර අඩු කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් ඇති බව පැවසුවද ආණ්ඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව සංඛ්‍යාලේඛන මගින් හෙළිවන බව  ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන මෙයට දින කිහිපයකට පෙර අතුරුදන් වී ඇත.

තම පක්ෂය තීන්දු ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයට ගරු කරමින් බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් කරගෙන යෑමට හැකි වුවද සහෝදර පක්ෂ හෑල්ලූ නොකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ආගමික අන්තවාදී සංවිධානවලින් කලාකරු හා මාධ්‍යවේදී  සිරිමල් විජේසිංහ මහතාට දිගින් දිගටම තර්ජන එල්ලවන වන බව ඒ මහතා පවසයි. ලංකාවේ පිරිසිදු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම උදෙසා ඔහු විසින් නිර්මාණය කිරීමට නියමිතව ඇති "Cult Monk" වාර්තා චිත්‍රපටයට එරෙහිව මෙලෙස තර්ජන එල්ල වේ. 

විජේ තෙන්ඩුල්කාර්ගේ Sakharam Binder(1972) හි අනුවර්තිත නාට්‍යයක් ලෙස ශ්‍රී ලාංකීය වේදිකාවට පැමිණි ‘දාස මල්ලිගේ බංගලාව‘ නැරඹිමට අවස්ථාව ලැබිණි.
අනුවර්තනය එස්.කරුණාරත්නගේ වන අතර අධ්‍යක්ෂණය කලණ ජයනාත් ගුණසේකර සහ රුවන් මලිත් පීරිස්ගේ ය.

Connet With Us