ණය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් ආණ්ඩුවට නෑ

Published in පුවත්
Wednesday, 30 July 2014 15:27
ශ්‍රී ලංකාව ණය බර අඩු කරගනිමින් ආකර්ෂණීය වර්ධනයක් ලබාගනිමින් ඇති බව පැවසුවද ආණ්ඩුවේ මුළු ආදායම වාර්ෂික ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන බව සංඛ්‍යාලේඛන මගින් හෙළිවන බව  ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. 
 ඔහු මේ බව පවසා සිටියේ අද (30) කොළඹ පැවති පස්අවුරුදු තාක්ෂණ ආයෝජන සැලැස්ම පිළිබඳ වාණිජ ප්‍රජාවගේ අදහස් ලබාගැනීම වෙනුවෙන් සංවාදයකට සහභාගි වෙමිනි. 
 
වැඩි දුරටත් අදහස් දක්වමින්  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අපනයන ආදායම හා ආණ්ඩුවේ ආදායම් වැඩි කර නොගතහොත් දේශීය හා විදේශීය ණය ගෙවීමට මෙරට දේපළ විකිණීමට සිදුවන බවයි. 
මීට පෙර ණය ගෙවීම පිළිබඳ අර්බුදයකට මුහුණ පෑ යුක්රේනය, ඉතාලිය වැනි රටවල් එම ණයට හිලව් ලෙස සිය සාරවත් ඉඩම්, වරාය, දුම්රිය, විදුලිබලාගාර ආදියේ අයිතිය විදේශිකයන්ට ලබාදීමට සිදුවූ බවයි.  
 මේ හේතුවෙන් ණය ගෙවීම් පාලනය කර රටේ ආදායම හා අපනයන ආදායම වැඩි කරගැනීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකාවට ද එම ඉරණම අත්වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.  

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us