'පළමු පෙරමුණ' බැසිල්ගේ අතකොළුවක් !

Published in පුවත්
Thursday, 31 July 2014 09:05

'පළමු පෙරමුණ' නමින් රටපුරා පෝස්ටර් අලවා ඇති බහුජන ව්‍යාපාරය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අතකොළුවක් බව, පෙරටුගාමී සමාජවාදී  පක්ෂයේ  'ලංකා වීව්ස්' වෙබ්අඩවිය ප්‍රකාශ කරයි.


 ආණ්ඩුවට එරෙහි ජනතා අප්‍රසාදය ජනාධිපතිවරණය වන විට යම්තාක් දුරට සමහන් කරගැනීමේ අරමුණින් මෙම පෙරමුණ ආරම්භ කර ඇතැයිද මේ සඳහා නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හා එම පෙරමුණේ නායකත්වය ගෙන කටයුතු කරන කිහිපදෙනෙකු අතර ඉතා රහසිගත සම්බන්ධයක් හරහා මෙම ක්‍රියාවලිය පවත්වාගෙන යන බවද එම වෙබ් අඩවිය හෙළිදරව් කර සිටියි. 

මුලදී රැඩිකල් පෙරමුණක් ලෙස ආරම්භකරන මෙම පෙරමුණ පසුව සූක්ෂම ආකාරයෙන් රාජපක්ෂ පාලනය කෙරෙහි වන ජනතා විරෝධය සමනය කිරීම වෙනුවෙන් සීරුමාරු කරගත හැකි ආකාරයෙන් වෙනස් කිරීමට නියමිත බවත්,  මෙ නිසා සියළු පක්ෂ වලින් එම පක්ෂ හැරගිය පුද්ගලයින් මෙම පෙරමුණ සඳහා එක්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්  එම වෙබ් අඩවිය  ප්‍රකාශ කරයි.

තවද රාජපක්ෂ පවුලේ ඇති ප්‍රතිවිරෝධතාවන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට අවශ්‍ය අයුරින් කලමණය කරගැනීම මෙම පෙරමුණේ තවත් එක් අරමුණක් බව එම වෙබ් අඩවිය තවදුරටත් අනාවරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණ හැරගොස් පසුව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ව සිට මේ වන විට එක්සත් ජනතා නිදහස් සංධානයේ සාමාජිකත්වය ලබා සිටින මන්ත්‍රීවරයෙක් සහ නගරාධිපතිවරයෙක් ද මේ සඳහා ක්‍රියාකාරී කටයුතු කරන බවද එම වෙබ් අඩවිය අවධාරණය කර සිටියි. 

Last modified on Thursday, 31 July 2014 09:40

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us