ශිෂ්‍ය සංගම් තහනම ඉවතට,රජරට සිසුන් ජයගනී

Published in පුවත්
Thursday, 31 July 2014 07:57

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා ආචාර්යවරු පරිපාලන ගොඩනැගිල්ලක රදවා තබා ගැනීම හේතුවෙන් වසා දැමුණු සරසවිය නැවත විවෘත කිරිමටත්, තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත ආරම්භ කිරීමට හා පන්ති තහනම් කළ සිසුන්ගේ පනති තහනම ඉවත් කිරීමටත් එහි පාලනාධිකාරිය අද (30) දින තීරණය කොට ඇත.

සිසුන් 28 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පසුගියදා සිසුන් විසින් උපකුලපතිවරයා හා ආචාර්යවරු පැය 24ක් පුරා රදවා තබා ගන්නා ලද අතර එයට විරෝධය පෑ ආචාර්යවරුන් විසින් දේශන පැවැත්වීමෙන් ඉවත් විය.

එසේම උපකුලපතිවරයා හා සනාථන සභාවේ ඒකමතික තීරණයකට අනුව සියලු ශිෂ්‍ය සංගම් තහනම් කළ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටද කටයුතු සැලැස්වීය.

මේ සියලු තත්වයන්ට විරෝධය පා පසුගිය සතියේ කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද දියත් කරනු ලැබීය.

කෙසේ නමුත් ඉන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ජනාධිපතිවරයා විසින් රජරට විශ්වවිද්‍යාල පරිපාලනයට දැනුම් දී සිටියේ වහා සරසවිය විවෘත කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයක් කළ උපකුලපතිවරයා සදහන් කොට සිටියේ සිසුන් විසින් ආචාර්යවරුන්ගෙන් සමාව ගත යුතු බවත් අදාල සිසුන්ගේ පන්ති තහනම් ඉවත් කිරීමට තවදුරටත් සලකා බැලීමක් සිදුකරන බවත් ය.

එහෙත් ශිෂ්‍ය සංගමය දිගින් දිගටම අවධාරණය කොට සිටියේ සිසුන් විසින් මෙම කරුණට අදාළව සමාව ගත යුතු නැති බවත් ශිෂ්‍යයින්ගේ පන්ති තහනම් කරනු ලැබූවේ විශ්වවිද්‍යාල පරිපාලනය බැවින් එය ඉවත් කරන ලෙස ඉල්ලා සටන් වැදීම සිසුන් සතු අයිතියක් බවත්ය.

කෙසේ නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් විශ්වවිද්‍යාලය විවෘත කිරීමටත් තහනම් කළ ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවීමට හා පන්ති තහනම් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සිසුන් ලැබූ ජයග්‍රහණයක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

(independant)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us