'ශ‍්‍රීලනිපයට තනිවම ආණ්ඩුව කරන්න පුළුවන්'

Published in පුවත්
Wednesday, 30 July 2014 14:41

තම පක්ෂය තීන්දු ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයට ගරු කරමින් බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ආණ්ඩුවක් කරගෙන යෑමට හැකි වුවද සහෝදර පක්ෂ හෑල්ලූ නොකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 ඔහු මෙසේ සඳහන් කලේ දඹදෙනිය, මහරච්චිමුල්ලේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රට නගමු නිල් රැල්ල ආසන නියෝජිත සම්මන්ත‍්‍රණ මාලාවේ රැස්වීමක් අමතමිනි.

‘ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් වුවත් ආණ්ඩුවක් කරගෙන යෑමට පුළුවන්. එහෙම කියලා අපේ සහෝදර පක්ෂ හෑල්ලූ කරන්නේ නෑ. එසේ වුණත් අපි තීන්දු ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයට ගරු කරලයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු බලයක් ලැබුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය බලය කාලයේදීයි.

අද මේ රජයේ සංවර්ධන පරිවර්තනයේ සැබෑ කොටස්කරුවන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමුන්නාන්සේලායි. ඒ පිළිබදව තමුන්නාන්සේලාට අපි උපහාරය පුද කරනවා. පක්ෂය ජයග‍්‍රහණය කිරීමට පමණක් නොව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනු වෙලාවෙත් එය රැකගන්නට පෙරමුණ ගත්තේ පාක්ෂිකයනුයි. ඒ නිසා අද අපිට ශක්තිමත් රජයක් ලැබී තිබෙනවා’ යයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us