subash
සමාජ ක්‍රියාකාරීත්වයක නිරතවන අයගේ Facebook ගිණුම් අක්‍රීය කිරීමේ හා එමගිණුම්වලට මඩ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් Facebookජාලයට වෛරසයක් නිකුත්කර ඇතැයි වාර්තා වේ.
පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී එජාපය යටතේ මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කල ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි ට අම්බලන්ගොඩ ආසනයේ සම සංවිධායක ධුරය බාර ගන්නැයි එජාප නායකත්වය විසින් ආරාධනා කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඕමාන තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ සිටියදී බලහත්කාරයෙන් ගබ්සාවකට ලක් කළ බව කියන කාන්තාවගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඇගේ සැමියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමට සාක්‍ෂි ලබාදෙන පුද්ගලයින් සඳහා බලපෑම් කරන බවට අමෙරිකාව නගා ඇති චෝදනා සාවද්‍ය බව යුධහමුදාව පවසයි.
ඊයේ(27) දහවල් සිදුව ඇති හදිසි අනතුරක් හේතුවෙන් ජනප්‍රිය වේදිකා හා රුපවාහිනි නළු රිචඩ් මානමුදලි මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඩිපෝ 104 කින් 80% කම සේවය කරන සේවකයන්ට ගෙවී ගිය මාස දෙකක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, ගම්පහ ඩිපෝවේ සේවකයන්ට මාස හතරක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගී වීමට යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද්දේ රැවුල වවා ගත් පුද්ගලයකු බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කළේය.
සංචාරක මුහුදු කුරුල්ලන්ගේ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු තලෙයිමන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලිහිසි තෙල් හා දැවි තෙල් තත්වයෙන් බාල කොට විකිණීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත.
