‘මාධ්‍ය දඩයමේ තවත් පැත්තක්’

Published in පුවත්
Sunday, 27 July 2014 13:39

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගී වීමට යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද්දේ රැවුල වවා ගත් පුද්ගලයකු බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක්  ප්‍රකාශ කළේය.



එහෙත් ඒ ගැන විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම ප්‍රකාශය බැහැර කරමින් කියා සිටියේ, යුද හමුදා භටයන් මත්ද්‍රව්‍ය දැමූ බවට කරන ප්‍රකාශයේ කිසිම පදනමක් නොමැති අතර ඒවා සොයා ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් වන බවයි.


සංවිධානාත්මක වැඩ පිළිවෙලක්


මාධ්‍යවේදී වැඩ මුළුව කැඳවනු ලැබ තිබුණ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය ඉදිරිපිට ඊයේ සෙනසුරාදා එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටි අතර මේ සියලු ක්‍රියාදාමය යම්කිසි සැලැස්මකට අනුව සිදු කරනු ලැබ ඇති බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා කියා සිටියේය.

විරෝධතා ව්‍යාපාරය නිසා යාපනයෙන් පැමිණි මාධ්‍යවේදීන් හත් දෙනා ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සංවිධායකයන් පියවර ගත් බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා පැවසිය. 


(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us