දොස්තර ගැටුම තවත් දිග්ගැස්සෙයි

Published in පුවත්
Thursday, 31 July 2014 10:14

රාජකාරී කාලසීමාව තුළ නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එහි මාධ්‍ය අනු කමිටුවේ සාමාජික වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ ඇති වූ ගැටුමට රෝහල් අධ්‍යක්ෂවරයා ද වගකිව යුතු බවයි. 

ජාතික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා රැස්වීමක් එම රෝහල් පරිශ‍්‍රය තුළදී ඊයේ පස්වරුවේ පැවති  අවස්ථාවේ,  එම ස්ථානයට කඩාවැදුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අදාළ රැස්වීම කඩාකප්පල් කරමින් තමන්ට පහරදුන් බව ජාතික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සාමාජිකයින් කියා සිටිති.

අනතුරුව  තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් බලඇණියක්ද කැඳවනු ලැබිය.

කෙසේවෙතත් රෝහල් පරිපාලනයේ අනුදැනුම ඇතිව එම රැස්වීම පසුව පැවැත්වුණේ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ ශ‍්‍රවණාගාරයේදීය. එවැනි නීති විරෝධී රැස්වීමක් පැවැත්වීම සඳහා අවසර ලබාදීම ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ බරපතළ වරදක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය අනු කමිටුවේ සාමාජික  වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා කියා සිටියේය.

''  කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂතුමා වෙත මධ්‍යම කාරක සභාව විසින් මීට මාස කිහිපයකට පෙර ඉතා පැහැදිළිව දන්වා තිබුණා මධ්‍යම කාරක සභාව විසින් මෙම රෝහල සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කර තිබෙනවා. එය තමයි මේ සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්ත්වය කියලා. නමුත් සමහර විට විවිධාකාරයේ පීඩනයන් එතුමාට එල්ල වුණාද දන්නේ නැහැ. මෙවැනි නීති විරෝධි රැස්වීම් පවත්වන පිරිසකට ස්ථානයක් ලබාදීමට යම්කිසි ආකාරයකට එතුමා කි‍්‍රයාකළා. නීතියට අනුකූලව නම් රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කළොත් තමයි මේ අවස්ථාවේදී ඉන්න අතුරු පාලක මණ්ඩලය කොළඹ ජාතික රෝහල සඳහා. ඒ කොටසට අදාළ නොවන කිහිප දෙනෙක් සඳහා රැස්වීම පැවැත්වීමට එක් අංශයකට අදාළ දේශනාගාරය ලබාදී තිබෙනවා රැස්වීම පැවැත්වීමට. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන නාමය යටතේ පැවැත්වීම තමයි තියෙන ගැටලූව.  '' යයි වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩිදුරටත් පැවසිය.

 කෙසේවෙතත් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රෝහල් පරිපාලනය සමග පැවැත් වූ සාකච්ඡුාවකින් පසු අදාළ රැස්වීම පැවැත්වීම සඳහා ස්ථානයක් ලබාදුන් බවයි. 

 ශී‍්‍ර ලංකා ජාතික රෝහලේ වෛද්‍යවරුන් පවත්වන්නට යෙදුණු රැස්වීම ඇති වූ නොසන්සුන්තාවයක් නිසා ඔවුන්ට එය පැවැත්වීමට නොහැකි විය.
ඉන්පසුව ශී‍්‍ර ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පරිපාලනය සමග කළ සාකච්ඡුාවකින් පසුව ඔවුන් එම රැස්වීම රෝහල් වෙනත් ස්ථානයකදී පස්වරුවේ සිදු කරනු ලැබිය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us