ඉන්දීය පාර්ලිමේන්තුවට විපක්ෂ නායකයෙක් නැහැ.

Published in විදෙස්
Thursday, 31 July 2014 10:05

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඉදිරි දින දෙක ඇතුළත නම් කරන බව එරට පාර්ලිමේන්තුවේ කතානායකවරිය වන සුමිත‍්‍රා මහජන් පවසන්නීය.

 ව්‍යවස්ථාමය ගැටළුවක් හේතුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා නම් කිරීම දිනෙන් දින ප‍්‍රමාද වෙමින් පවතී.
 එරට ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ ආසන 55 ක් ලබා ගන්නා පක්ෂයට විපක්ෂ නායක ධුරය සඳහා හිමිකම් කීමට අවස්ථාව හිමි වනු ඇත.

 කෙසේ වෙතත්, විපක්ෂයේ වැඩිම මන්තී‍්‍ර ධුර සංඛ්‍යාවක් ලබාගත් කොංග‍්‍රස් පක්ෂයට පසුගිය මැතිවරණයෙන් ලබාගත හැකිවූයේ මන්තී‍්‍ර ධුර 44 ක් පමණි.

මේ වනවිටත් කොංග‍්‍රස් පක්ෂය විසින් විපක්ෂ නායක ධුරය සඳහා මල්ලිකාර්ජුන් කරාජ් නැමැති සිය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා නම්කර ඇත.
 කෙසේ වෙතත්, ඉන්දීය කතානායකවරිය පවසන්නේ නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් පසු මෙම පත්කිරීම සිදුකරන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින දෙක ඇතුළත ප‍්‍රකාශ කරන බවයි. 

ඉන්දීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායකවරයෙකු නොමැතිව එරට පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මක වී තිබේ. 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us