හිරෝෂිමාවට පරමාණු බෝම්බය දැමු අවසන් ගුවන් සහයකයා මිය යයි

Published in විදෙස්
Thursday, 31 July 2014 10:27

දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේදී ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ Enola Gay නමැති අමෙරිකානු ගුවන් යානයේ සිටි අවසන් ගුවන් සහයකයා මියගොස් තිබේ.


එම ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනා අතරින් ජීවතුන් අතර සිටි අවසන් පුද්ගලයා තියඩෝර් වෑන් කර්ක් නමැති ඔහු යි.

ඔහු මිය යන විට 93 වන වියේ පසුවිය.
van kirk“Little Boy” නමැති පරමාණු බෝම්බය ඔවුන් සිටි ගුවන් යානයේ සිට ජපානයේ හිරෝෂිමා නගරයට හෙළනු ලැබුවේ, 1945 වසරේ අගෝස්තු මස 6 වන දා ය.

පරමාණු බෝම්බයක් පළමු වරට ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිත කළ පළමු අවස්ථාව එය විය.
ඒ වන විට තියඩෝර් වෑන් කර්ක් පසු වූයේ, 24 වන වියේ ය.

එම ‍බෝම්බ ප්‍රහාරයෙන් ජපාන වැසියන් 14000ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවමත් උපදින ඇතැම් දරුවන් නොයෙක් ආබාධයන්ට ලක්වන බව වාර්තා වේ.
පසුකාලීනව ඔහු මාධ්‍යයට පවසා තිබුණේ, බෝම්බ ප්‍රහාරයෙන් පසුව හිරෝෂිමා නගරය ම දුමෙන් වැසී ගිය අයුරු තමන් දුටු බව ය.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us