subash
පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 50 කට වැඩි පිරිසක් මරුට.
ගෝපි, අප්පන් සහ තේවියන් යන එල්.ටී.ටී.ඊ. නායකයන් සමග සමීපව සබඳතා පැවැත් වූ කි‍්‍රයාකාරීයකු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවට සැකකෙරෙන වන සෝමසුන්දරම් වසන්ත කුමාර් නමැති පුද්ගලයා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එ් කටාර් රාජ්‍යයේ සිට යළි ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක ඉන්දියාව ලකුණු 169ක් ජයක් වාර්තා කළේය.
මේ වසරේ (2014) පළමු මාස අටේදී ලංකා විදුලිබල මණ්‌ඩලය රු.කෝටි 1970 ක මෙහෙයුම් අලාභයක් ලබා තිබේ.
කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදුවූ දරුණු නායයාමෙන් පසුගියදා සිදුවූ නායයාමෙන් රූපවාහිනි ශිල්පියෙකු මෙන්ම නව පරපුරේ ගායකයෙකු ද වන ප‍්‍රසාද් දෙනෙත් මහතා මියගොස් තිබේ.
කොළඹ නගරයේ දිනපතා එක්රැස්වන කැලිකසළ පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට රජය සැලසුම් කොට ඇති අතර එම වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.
පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කොළඹ අගරදගුරු නිවසේදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කතෝලික රදගුරු මණ්ඩලයේ සාමාජිකයන් හදිසියේම හමුවී ඇති අතර එහිදී පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමන කෙසේ හෝ සිදුවිය යුතු බවත්, එසේ සිදුනොවුණහොත් එය ජනාධිපතිවරයාගේ නොසතුටට මෙන්ම හිත් කලකිරීමට හේතුවිය හැකි බැවින් එම ගමන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දක්වන ලෙසට තදබල ඉල්ලීමක් කර තිබේ.
