කොටි සාමාජිකයකු අත්අඩංගුවට

Published in පුවත්
Monday, 03 November 2014 09:34

ගෝපි, අප්පන් සහ තේවියන් යන එල්.ටී.ටී.ඊ. නායකයන් සමග සමීපව සබඳතා පැවැත් වූ කි‍්‍රයාකාරීයකු  එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවට සැකකෙරෙන වන සෝමසුන්දරම් වසන්ත කුමාර් නමැති පුද්ගලයා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එ් කටාර් රාජ්‍යයේ සිට යළි ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සැකකරු එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාව සමග සබඳතා පවත්වා ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.  

 මෙම  පුද්ගලයා මීට වසර එක හමාරකට පමණ පෙර ලංකාවෙන් පිටව ගොස් ඇති බවත්, ගෝපි, අප්පන්, සේවියර් වැනි අය ඔහු සමග සමීපව කටයුතු කල අයකු බවත්,  එසේම මොහු පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසිය.

'' ඔහු කටාර් රාජ්‍යයට ගොස් එහි දීර්ඝ කාලයක් වාසය කර නැවත සෙනසුරාදා  දිනයේ ලංකාවට පැමිණියා. ගුවන් තොටුපොළේ තොරතුරු පද්ධතියට අපි මොහු සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබුණා. එහිදී මෙම පුද්ගලයා හඳුනාගැනීමට හැකියාව ලැබුණා. එම නිසා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වන විට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු සිදු කරනවා.'' යයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us