අපි සොබාදහමට අවනත නම් සොබාදහමත් අපට අවනතයි

Published in පුවත්
Monday, 03 November 2014 12:45
මානව ක්‍රියාකාරකම් හමුවේ සමස්ත මධ්‍යම කඳුකරයම අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇතැයි උකුවෙල සණස සොබාදහම් ගොවිපලේ අධ්‍යක්ෂක වන පරිසරවේදී තිලක් කන්දෙගම මහතා ප්‍රකාශ කරයි.
මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ඉහළ ස්ථානවල ජලාශ ඉදි කිරීම හා ඉවක් බවක් නොමැතිව කරන පරිසර හානි නිසා සමස්ත මධ්‍යම කඳුකරයම අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇතැයි උකුවෙල සණස සොබාදහම් ගොවිපලේ අධ්‍යක්ෂක වන පරිසරවේදී තිලක් කන්දෙගම මහතා ප්‍රකාශ කරයි.ඔහු මේ බව ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (02) උකුවෙල සණස සොබාදහම් ගොවිපලේ පැවැති පරිසර හිතකාමීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්ය.
මිනිසා සොබදහමට අවනත තුරු මිනිසාට අවනත වන සොබාදහම මිනිසා ඒ වෙත අකාරුණික වන හැම අවස්ථාවකදීම පෙරළා මිනිසා වෙත අකාරුණික වන බව හෙතෙම ප්‍රකාශ කරයි.
වනාන්තරවලට ඇතුළු වී වන හානි සිදු කරන්නවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ඉඩම් අමාත්‍යංශයේ වගකීමක් බව සිහි කරමින් ඒ මහතා අවධාරණය කරන්නේ තේ වතුවලට වල් නාශක ගැසීමද සෝඅදාපාලුවට හේතුවක් වන බවයි.
කොත්මලේ බැම්ම කැඩුණොත් ගම්පොල, මහනුවර ප්‍රදේශ නිසැකවම සෝඅදා පාලු වී යන බවට අනතුරු අඟවන ඒ මහතා පවසන්නේ පරිසරයේ සිදු කෙරෙන ඉදි කිරීම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය බවය.
 
තිලක් කන්දෙගම මහතාගේ ප්‍රකාශය පහතින් දැක්වේ.
 
‘ අද වනවිට ලංකාවේ වනාන්තර වලට එක්තරා කන්ඩායමක් අතුල්වෙලා වන විනාශයන් කරනවා කියලා විවිධ පුද්ගලයන් මට කීවා. මේ අය ජාතීන් වශයෙන් පවා හදුන්වනවා සමහර අය.බොහෝ පිරිසක් ඉන්නවා කලකිරිමෙන්.වහාම නීතිය ක‍්‍රීයාත්මක කරන්න ඉඩම් අමාත්‍යාංශය සතුයි මේ ඉඩම්.
එදා මේ ඉඩම් අයිතිය දී තිබුනේ ගමරාලට.හැටපස් අමුණු පස් යාලක් ගොවිතැන් කරලා ජිවත්වෙන්න.ඒ නිසා ගමරාලටයි ඉඩම් අයිතිය තිබුනේ. අද ඒ තනතුර තියෙන්නේ ආරච්චි මහත්තයට. ඒ කියන්නේ ග‍්‍රාමණිළධාරි මහත්තයට.මේ නිසා රාජ්‍ය පරිපාලනනේ පහල නිළධාරියා බලවත්කරන්න  ඕනේ.අද ඔහු දුර්වලයි. අද ග‍්‍රමණිළදාරි වරයා කවුරුත් ගනන් ගන්නැ.වහාම ඔහු බලවත් කළයුතුයි.අඩවියක් හසුරන අඩවි වන නිළධාරියා බලවත් කරන්න  ඕනැ.
මේ වනවිට කෘෂීකාර්මික ඇගයීම් සිදු නොකොට කරන ක‍්‍රියාවන් නිසා අද වනවිට පරිසරයට ලොකු බලපැමක් ඇති වෙලා තියෙනවා.එක කාරනයක් තමයි මධ්‍යම ක`දුකරයේ උඩ ජලාශ ඉදිකිරිම. මේක අතිශයින් භයානක කාරනාවක්.
 
ඉතිහාස කාරනාවන් දෙස බලනවිට අපිට පැහැදිලි වෙනවා ලංකා පොළොව නිර්මාණය වීම පිළීබදව බලද්දි පස් තට්ටු ඇතිවීම ඉතාාමත් වැදගත්.අද වනවිට ඇතිවි තිබෙන නාය යැම් තත්ත්වයන් පිළීබ`දව පුලූල් විසීමක් අවශ්‍යයි. ඉතිහාසයේ කාවන්තිස්ස රජු සමය අපිට කියා දෙනවා මුහුද ගොඩ ගැලීමක් පිළීදව.
 
මේ මධ්‍යම කදුකරය පුරාම වාතය සහිත විශාල පැලූම් තියෙනවා පොලව අභ්‍යන්තරයේ.බොහෝ විට වරදවා තේරුම් ගත්තා මේවා රාවනාගේ බිම් ගෙවල් කියලා.මේවා රාවනාගේ බිමි ගෙවල් නෙමෙයි. මුලික පොලව නිර්මාණය වීමේදී ඇතිවු සිදුනවීම් වෙන්න පුලූවන් මේවා.රාවනාගේ බිමි ගෙවල් ඇති නමුත් බොහෝ ඒවා පිපිරීම් නිසා ඇතිවු ඒවා.ඒක ඔප්පු කරන්න සාක්කියක් තියෙනවා.මේවා උඩ ජලාශ ඉදිකාරාම මේවා අස්සට වතුර ගිහිල්ලා පිපිරිම් ආවා.මේවා භූ චලන බවට පත්වුනා.
 
මේකේ ප‍්‍රථිපලයක් විදිහට මධ්‍යම කදුකරයේ නුවරඑළීය හා නාවල පිටිය පැත්තේ විශාල භූ චලන ආවා.ගොඩනැගිලි දෙදරන්න පටන් ගත්තා.
එකදිගට වැස්සොත් මේ කුහර මතට වතුර පිරිලා ගැලවිලා එන එක යකෙකුටවත් නවත්තන්න බැ.මේ තත්ත්වය ඇතිවෙන්නේ උල්පත් හරහා. බලන්න හැම නාය යැමක්ම සිදුවෙන්නේ උල්පතක් හරහා.
වැඩි හරියක් භූගත ගුහා පවතින්නේ මාතලේ දිස්ත‍්‍රික්කයේ.ජලාශ තිබෙන්නේ මධ්‍යම කදුකරේ මේ ප‍්‍රදේශ දෙකෙම නායයාම් ඇතිවෙන්නේ මේ නිසා.
අතීතයේ අපේ රටේ තේ වතු වල වල්නෙලීම කළේ අතින් හා උදලූ වලින්.පස්සේ හොදාපාලූ වෙනවා ගල්වැටි දාන්න  ඕනේ කියලා ගල්වැටි දැම්මා විතරක් නෙමෙයි වල් නාශක ගැහැව්වා පොළවට. වල්නාශක කරන්නේ ගහ මාරාගෙන ගහ මුලටම යන එක.මේ හරහා පරිසරය පුරාම ඉතා පුංචී සිදුරු ඇතිවුනා පැලැටි මියයැමත් එක්ක.
 
මේ සිදුරු මතින් ජලය කෙලින්ම ගියා පොළව අභ්‍යන්තරයට එහි බොහෝවිට තද පාෂාණ තට්ටු වශයෙන් ඇති හිරි ගල් තට්ටු හෝ කථ ගල් තට්ටුවක් නැත්නම් අපාරගම්‍ය පස් තට්ටුවක් වෙන්න පුවන්.
 මේක උඩට ජලය එකතු වුනාම මේ තට්ටු හරහට එනවා ජළ ධහරාවන් උල්පත් කියන්නේ මේවට.මෙවා හරහට එනකොට උඩ පිහිටලා තියෙන පස් තට්ටුව නවත්තන්න බැ.මේ ක‍්‍රීයාවන් දෙකම කළේ මිනිස්සු.
හොදට හිතලා බලන්න වනාන්තරයක නාය යැමක් වෙලා නැ කවදාවත්.මිනිස්සු අත ගහපු නැති වනාන්තර නාය යන්නේ නැ.
කරුණාකරලා සියලූම ප‍්‍රතිපත්ති හදන අය,මේ කාරනා වලදි මුලිකත්වය ගන්න අයට හිතන්න වෙනවා වහාම මේ කාරනා ගැන.
 
කොත්මලේ  සමණළ වැවේ ජල කාන්දුව අපිට නවත්වන්න බැ.අමතක කරන්න එපා කවදා හරි දවසක කොත්මලේ බැම්ම කැඩුනොත් එහෙම මම හිතනවා ශ‍්‍රි ලංකාවේ ගම්පල, මහනුවර කියන ප‍්‍රදේශ සමිපූර්ණයෙන් හොදගන යනවා. එදාට අපි නැතිවෙයි නමුත් මේ තත්ත්වය ඇතිවෙන්න පුලූවන්.
වසර ගනනාවකට පස්සේ කාලගුණය සක‍්‍රිය වෙලා තියෙනවා.පරිසරවේදියෙක් හැටියට කියනවා නම් කාලගුනේ හරියටම ඇවිල්ලා.මෙ තත්ත්වය වැඩිවෙනවා ලබන මාසේ වෙනකොට හරියට උදේ ඉදන් හැන්දැවෙනකම් වහිනවා නවතින්නේ නැතිව.ඒ නිරිත දිග මෝසමේ ස්වාභාවය.ඊසාන දිග මෝසමත් එහෙමයි. පැය හැත්තැ දෙක නෙමෙයි දෙගුණයක් වෙන්නත් පුලූවන්. එදාට මේ නායයැමේ තත්්ත්වය නවත්වන්න බැරිවෙයි.
කරුණාකරලා ඉදිකිරිමි කරනකොට පොළවේ හැඬේට ඉදිකිරිම් කරන්න කියන්න.අනික් කාරනේ නායයන ප‍්‍රදේශ කියලා හදුනාගත් ප‍්‍රදේශ වල ඉදිකිරිමි කරන්න අවසර නොදිය යුතුයි.මොකද සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු දැනුමක් නැ.ඒ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත නැතිවෙන එකයි වෙන්නේ.
 
මධ්‍යඹ ක`දුකරේ අනිවාර්යෙන්ම ගැබුරට මුල් බසින ශාක සිටවිය යුතුයි වගේම පාෂාණ ස්තර හිරකිරිමේ වැඩපිළීවෙලක් සැකසිය යුතු වෙනවා.
මේකට මැදිහත් වෙන්න  ඕනේ ආන්ඩුව කීවොත් මිනිස්සු හිතන්නේ බලයේ ඉන්න ආන්ඩුව කියලා.ආන්ඩුව කියන්නේ  ඕකට නෙමෙයි යු ඇම් පිය හෝ සමසමාජ හෝ කොමිනිස් වේවා මේ සියල්ල ආන්ඩු ඒ කියන්නෙ ජනතාව බලයට පත්කරන ආන්ඩු ඔවුන් තේරුම් ගන්න  ඕනේ ජාතික ප‍්‍රතිපත්තියක් හදන්න මේ රටේ.
අපි දකිනවා පොල්ගොල්ල ජලාශය සිමාවට කලින් පිරුනා රොන් මඩ වලින්.ඇයි ඒ ජාතික ප‍්‍රතිපත්තියක් නැති කෘෂිකර්මය හින්දා.කරුණා කරලා ජාතික ප‍්‍රතිපත්තියක් හදන්න මේ රටට. පොළවට අත නොතබා ජිවත්වෙන්න බැරි රටක් මේක.
 
අද කෘෂීකර්ම ප‍්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඇට හිටවන එක පොහොර දාන එක.මැලේසියාවෙන් ඇට ගෙනල්ලා හිටවන එකත් පොහොර දාන එකත්,මේවගෙන් හැදෙන ලෙඩ වලට සෞඛ්‍ය දෙපාර්ථමේන්තුව බෙහෙත් කරන එකත් පමණයි.
 
මේ ප‍්‍රතිපත්තිය වහාම නවත්තන්න ඕනේ.අනිත් කාරනේ ජලය වැඩි වශයෙන් අවශ්‍ය වෙන්නේ ජල විදුලිය නිපදවන්න.අපි දන්නවා ලැයිමක් ගත්තොත් විදුලි බල්බ පැය විසිහතරෙම පත්තුවෙනවා. මොකද ඒ බිල්පත් ගෙවන්නේ ලැයිම්වල ජනයා නෙවෙයි.
 
ඒනිසා අනවශ්‍ය විදුලි පහන් නිවාදන එකට ජනතාව හුරුකරන්න  ඕනේ.බුදුනි,ජේසුනී,නාබිනායක තුමණි මිනිසුන්හට ප‍්‍රඥාව දුන මැනවි.ප‍්‍රඥාවන්තයින් අභීෂේක කළ මැනවි.
මේවට නීති ගේන්න  ඕනැ.රජය ආරක්ෂා කරන්න නෙමෙයි ජනතාව ආරක්සා කරන්න නීති ගෙන එන්න  ඕනේ.ජනතාවාදි රජයකට කවදාවත් මේ අවස්තාවෙන් මග අරින්න බැ.
ආපදා කළමණාකරන අමාත්‍යාංශය හිතා ඉන්නේ මුදල් දිලා මේක නතරකරන්න පුලූවන් කියලා. අමාත්‍යාංශ හිතාගෙන ඉන්නවා එයාලගේ කටයුතු කෙරුනහම හරි කියලා.නැහැ මේ තත්ත්වය වෙන්න කලියෙන් නතරකරන්න  ඕනැ. 
 
අපි බෞද්ධයින් හැටියට  ඕනැම ප‍්‍රතිඑලයකට හේතුවක් තියෙනනවා.ඒනිසා හේතුව නැතිනොකර ප‍්‍රතිඑලය නැති කරන්න යනවා කියන්නේ පය බරවයට පිටි කරට බෙහෙත් බදිනවා වගේ වැඩක්.
මේ ආපදා තත්ත්වය සැලකිල්ලට අරගෙන යකඩය රත්වෙච්ච වෙලාවේ ගම්වල ජනතාව දැනුවත්කරලා ඔවුන් කරපු වැරද්ද තේරුම් කරලා දීලා කටයුතු කරන්න  ඕනේ.
ඡන්දයක් ගැන හිතන්නේ නැතිව හැම විටම ඝෘජු තීන්දු ගන්නට  ඕනේ මේ වෙලාවේ.බෙත් බොනකොට තිත්තයි හැබැයි හොදවෙනකොට බිපු බේතට වදින මිනිස්සු ඉන්නේ මේ රටේ.
මම නැවතත් කියනවා පරිසරවේදියෙක් හැටියට මධ්‍යම කදුකරයම මේ වෙලාවේ තියෙන්නේ ලොකු අනතුරක.’’
 
(හිරු නිවුස්)

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us