උමාඔය ව්‍යාපෘතියා ආරම්බකිරීමට පෙරද මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව පරිසර වේදී පෙන්වා දී තීබිණි. නමුත් පරිසර වේදින්ගේ අදහස කෙරෙහි කිසිදු සැලකිල්ලකට නොගෙන හම්බන්තොටට ජලය ගෙන යාම සඳහා මෙම වයාපෘතිය සිදු කරමින් තිබේ.
පරිසර වේදීන් පෙන්වා දෙන්නේ නායයාමට හසුව ඇති ප්‍රදෙශයේ පිහිටි පාෂාන පද්ධතිය හා උමා ඔය වයාපෘතිය හා බැඳී තිබෙන පාෂාන පද්ධතියත් එකක් බවය.
මේ තත්වය මත ඉදිරියේදී සිදුවිය හැකි ස්වභාවික විපත් වැඩිවීමක් සිදුවිය හැකි බවත් බදුල්ලේ ඩයබ්‍රා, රාවණා ඇල්ල, වැල්ලවාය වැනි ප්‍රදේශවල මෙහි බලපෑම වැඩි වශයෙන් දකින්න ලැබෙනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම මීරීබැද්ද අයත්වන හල්දුම්මල ප්‍රදේශිය ලේකම් කාර්යාලයටම අයත් ප්‍රදෙශයක් වන බළන්ගොඩ සොරගුණේ රක්ෂිත වනාන්තරයේ කාමර 2000 කින් යුතු සංචාරක හෝටලයක් සහ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා අක්කර දහසකට අධික කැලෑව කපා දමමින් මේ වන විට ඉදි කෙරෙමින් පවති. මෙලෙස එම ව්‍යාපෘතියටද ස්වභාවින අනතුරු එල්ලවීමේ අවධානමක් මතුව තිබේ.
එමෙන්ම මෙම ඉදිකිරීම සඳහා වනාන්තරය කපා දැමිමෙන් එම අවධානම තවදුරටත් වර්ධනය වීම සිදු විය හැකිය. සොරගුණේ ගෝල්පිටිය හා හෝටල් සංකීර්ණය ඉදිකිරීමේ වයාපෘති වාර්තව හෙළි දරව් වූ මුල් යුගයේදීම පරිසර වේදීන් මේම අනතුර සිදුවිය හැකි බව පෙන්වා දී තිබුණ අතර ඒ මේ වන විට ඇස් පනා පිටම සිදුවෙමින් පවතී.
හල්දුම්මල, මීරිබැද්ද නායයාම හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල නායයෑමේ තර්ජන මතුවීමට ආසන්නතම හේතුව වී ඇත්තේ උමා ඔය සංවර්‍ධන ව්‍යාපෘතිය යටතේ හාරමින් යන උමගේ බලපෑම බවට බරපතල සැකයක් ඇතිවීතිබෙන බව පරිසර වේදීන් සඳහන් කරයි.
Leave a comment