subash

subash

සමගිව විශ්වාසය පදනම්කරගත්ත බලය ඒකරාශී කරගැනීමකින් අරගල ජයග‍්‍රහණය කලහැකි බව  අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ පවසා සිටියේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රීයාකාරී කමිටුව විසින් දින 50ක් පුරාවට ගෙනගිය සත්‍යග‍්‍රහය අද දින නිමා කිරීමේ අවස්ථාවේදී ය.

designer's wedding show-2014

Tuesday, 04 November 2014 13:11

ලංකාවේ සිටින ප‍්‍රවීනතම විලාසිතා නිර්මාණ ශිල්පීන් විසින් ඉදිරිපත්කරන මනාලියන් දැක්ම පසුගිය 28 වන දින කොලඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

මේ එහි අවස්ථාවන් කිහිපයකි.

අරලියා සහ  රට ලාවුළු ගස් හොර රහසේ කපා විකුණන ජාවරාම්ක් ගැන රටේ ඇතැම් ප‍්‍රදේශවලින් තොරතුරැ වාර්තා වේ. 
මාලදිවයිනේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට එරට රජය සැක පළ කරයි.
කොස්ලන්දේ නාය ගිය ස්ථානය අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර අනතුරු අඟවා තිබුනා යැයි කීම බොරුවක් යැයි සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය කියයි. ඔවුන් ඒ බව තහවුරු කරන්නේ එදින ඛේදවාචකයෙන් මිය ගිය පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සේවය කළ රජයේ ආයතනයක් වූ සෞඛ්‍ය මධ්‍යස්ථානය එම ස්ථානයේ පවත්වාගෙන ගියේ ඇයිද ප්‍රශ්න කරමිනි. අනතුරු අඟවා තිබුනේ රජයෙන් නම් රජයේ කාර්යාලයක් එහි පවත්වාගෙන ගියේ ඇයි?
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අභ්‍යන්තර  ගුවන් පහසුකම් සලසා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මත්කුඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම නියම වූ ඉන්දීය ජාතිකයින් 5 දෙනා කෙසේ හෝ නිදහස් කර ගැනීමට කටයුතු කරන බව තමිල්නාඩු ප්‍රධාන ඇමති ඕ පන්නීර්සෙල්වම් පවසයි. 

මෙවර අයවැයෙන් යෝජනා කළ රු. 2500 ක අන්තර් දීමනාව නොවැම්බර් 10 වැනිදා විශ්‍රාම වැටුප සමඟ සියලුම විශ්‍රාමිකයන්ට ගෙවීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලක සිල්වා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහුව අද(04) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතය.

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට සම්බන්ධව ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ. කුසලානි පුංචිහේවා මහත්මිය නියෝග කළාය.

Connet With Us