ලක්ෂ 100ක් වංචා කල ඇමති ලේකම් රිමාන්ඩ්

Published in පුවත්
Tuesday, 04 November 2014 10:16

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට සම්බන්ධව ප්‍රබල අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ. කුසලානි පුංචිහේවා මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො: 120/1 අරලිය ගාඩ්න්ස්, පිටකෝට්ටේ පදිංචි දේවගේ නිරාල් රන්දික සිරිවර්ධන නමැති අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයෙකි.

මෙම සිද්ධියට අදාළව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උ.‍පො.ප. කේ.එම්.ඩී. බණ්ඩාර මහතා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබුණේ නො. 08, කොටුබැම්ම පාර, ඇතුල්කොට්ටේ පදිංචි මෝහන්දාස් අජිත විජේතුංග නමැති රාජ්‍ය ආරක්ෂක අංශ සඳහා නිල ඇඳුම් සපයන ව්‍යාපාරිකයකු විසින් ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදාය.

මෙම සැකකරු ඊයේ (01) අධිකරණය වෙත නීතිඥ නෙවිල් අබේරත්න මහතා සමගින් පෙනීසිටි අවස්ථාවේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාව සලකා බැලූ අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එලෙස නියෝග නිකුත් කළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලකිරීම, පරීක්ෂණ කටයුතු මගහැරීම, පෙර හැසිරීම් ආදී සියලු කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාය.

තවද වලාන දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලබාදීමට යැයි පවසා මුදල් රුපියල් ලක්ෂ 100ක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම නඩුවට අදාළව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු ඇප මත සිටිය දී තවදුරටත් එවැනිම වැරදි සිදුකරන ලද අයකු බවට වැඩිදුර වාර්තාවක් මගින් මෙහි දී ‍පොලිසිය තවදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us