කොස්ලන්ද නාය යෑම අනතුරු අඟවා තිබුනා නම් රජයේ ආයතනයක් පවත්වාගෙන ගියේ ඇයි

Published in පුවත්
Tuesday, 04 November 2014 12:04
කොස්ලන්දේ නාය ගිය ස්ථානය අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර අනතුරු අඟවා තිබුනා යැයි කීම බොරුවක් යැයි සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය කියයි. ඔවුන් ඒ බව තහවුරු කරන්නේ එදින ඛේදවාචකයෙන් මිය ගිය පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සේවය කළ රජයේ ආයතනයක් වූ සෞඛ්‍ය මධ්‍යස්ථානය එම ස්ථානයේ පවත්වාගෙන ගියේ ඇයිද ප්‍රශ්න කරමිනි. අනතුරු අඟවා තිබුනේ රජයෙන් නම් රජයේ කාර්යාලයක් එහි පවත්වාගෙන ගියේ ඇයි?
මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
 
2014.10.29 වන දින ඌව පළාත් සභාවට අයත් මීරියබැද්ද කොස්ලන්ද වත්තේ සිදුවූ නාය යාමෙන් මියගිය පිරිස අතර එම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වන ක්‍රිෂාන්ති ධම්මිකා මහත්මිය ඇතුළු ඇගේ දරුවන් දෙදෙනා ද විය.
 
මේ වනවිට එම ඛේදනීය සිදුවීම පිළිබඳ විවිධ අර්ථකතන ඉදිරිපත් කරමින් ඇත. ඒ හරහා ආණ්ඩුව හා බලධාරින් එම මරණ වලට වගකීමෙන් ගැලවීමට උත්සාහ දරමින් සිටී. එසේම එහි සම්පූර්ණ වැරැද්ද මියගියවුන් පිට සහ ප්‍රදේශයේ ජනතාව මත පැටවීමට උත්සාහ දරමින් ඇත.
 
ආණ්ඩුව කියන අන්දමට එම ප්‍රදේශය නාය යන බවට හඳුනාගෙන තිබුනා නම් හෝ අවදානම් ප්‍රදේශයක් බවට නම් කර තිබුණා නම්, කොස්ලන්ද වත්තේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයත්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ නිල නිවාසයත් එම ස්ථානයේ පවත්වාගෙන යාමට හේතුවක් නොමැත. එසේම අදාල වගකිවයුතු ආයතන දැනුවත් වී තිබුණා නම් රජයේ ආයතනයක් වන පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙනත් ආරක‍ෂාකාරී තැනකට ගෙන යා හැකිව තිබුණි. නමුත් එවැනි කිසිදු පූර්ව දැනුම් දීමක් කර නොතිබුණු බව අපට දැනගන්නට ලැබී ඇත. එසේ කර තිබුණා නම් 2014. 10. 29 වන දින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එදින සායනය එම ස්ථානයේ පවත්වන්නේ නැත. එසේම ප්‍රදේශයේ ජනතාව එදින එම සායනයට පැමිණෙන්නේ නැත. එසේ වූවා නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සහ ඇගේ දරුවන් දෙදෙනාගෙත් තවත් විශාල පිරිසකගේත් ජීවිත බේරා ගත හැකිව තිබුණි.
 
ඒ අනුව ප්‍රදේශයේ බලධාරින් සහ ආණ්ඩුව මේ මොහොතේ පවසන්නේ අසත්‍යයක් බව අප ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.
එබැවින් දැන් කළයුත්තේ බොරුව වසා ගැනීමට තවත් බොරු නොකියා මියගිය අහිංසකයින් පිට වරද නොපටවා මියගිය අය වෙනුවෙන් වන්දි ලබා දී ඔවුන්ගේ ඉතිරි වී සිටින දරුවන් ඇතුළු අනෙකුත් අයගේ ජීවිත සුරක‍්ෂිත කිරීමට කටයුතු කිරීම බව අප ප්‍රකාශ කර සිටිමු.
 
කුසුමා ඩයස් - ප්‍රධාන ලේකම්
දීප්ති කෞෂිකා ජයතුංග - සභාපති
සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය
 
(ලංකා ඊ නිව්ස් )

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us