ලංකාවේ උසාවියෙන් පෝරකයට යැවූ ඉන්දියානුවන් 5 නිදහස් කරගන්නවා

Published in පුවත්
Tuesday, 04 November 2014 11:27

මත්කුඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම නියම වූ ඉන්දීය ජාතිකයින් 5 දෙනා කෙසේ හෝ නිදහස් කර ගැනීමට කටයුතු කරන බව තමිල්නාඩු ප්‍රධාන ඇමති ඕ පන්නීර්සෙල්වම් පවසයි. 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2011 වර්ෂයේදී ලාංකිකයන් 3ක් හා ඉන්දියානුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගැනුණි. ඒ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙනි.
 
දිගින් දිගටම පැවති නඩු වලින් අනතුරුව මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ‍වරදකරුවන් වූ මොවුන්ට කොළඹ මහාධිකරණය පසුගිය මස 30 වැනිදා මරණ දඬුවම නියම කරන ලදී. 
 
මෙම තීන්දුවට විරෝධය පළ කර ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මෙන්ම දකුණු ඉන්දියාවේද පසුගිය දිනවල විරෝධතා සංවිධානය කර තිබිණ. 
 මෙලෙස මරණ දඬුවම නියම වූ පස්දෙනා නිර්දෝශි අය බව ඉන්දියාව ද පවසා තිබේ. 
 
එසේ මරණ දඬුවම නියම වූ පී. එමර්සන්, ආර්.විල්සන්, පී. ඔගස්ටස්, ජේ. ලැන්ග්ලෙට් සහ කේ. ප්‍රසාත් යන රාමෙ‍ෂ්වරම් හි පදිංචිකරුවන්‍ 5 දෙනාගේ පවුල්වල සාමාජිකයින් ඊයේ (03) තමිල්නාඩු ප්‍රධාන ඇමති ඕ. පන්නීර්සෙල්වම් මුණ ගැසුණි. 
 
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ එකී ඉන්දියානුවන් පස්දෙනා නිදහස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාදාමය අත් නොහරින බවයි.
 
 
ඉන්දීය රජය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුඩීන් ප්‍රකාශ කර ඇත.
 
එසේම එකී තීන්දුව සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා බලධාරීන් සමග දැඩි අවධානයෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us