subash

subash

පසු ගිය පෙබරවාරි මාසයේදි  ජනාධිපති ලේකම්ට අයත් පභූ ආරක්ෂක අංශයේ අයෙකු විසින් තමාට මහ මගදි පහරදීම පිළිබදව වන මහේස්තාත් අධිකරණ නඩු විභාගය පොලිසිය විසින් වංචනික ලෙස  අධිකරණයද මුලා කරමින් යට ගසන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ඊයේ (31) පැවැත්විණි. මරදාන සමාජයීය හා සාමයික කේන්‍ද්‍රයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතාගේ මූලිකත්වයෙන් එය පැවැත්විණි. දිවයින පුරා ආයුර්වේද රෝහල්වල සිට පැමිණි ආයුර්වේද වෛද්‍යවරු විශාල ප‍්‍රමාණය් මේ සඳහා සහභාගී වී සිටි අතර ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම මෙහිදී සිදු විය.
පසුගිය මාර්තු 8 වන දා දකුණු චීන මුහුදේ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ මගියෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා ඊයේ (31) නඩුවක් පවරා අැත. 
එය අතුරුදන් වූයේ මගීන් 239 දෙනෙකු සමඟය.
ඉන්දියාව එරට පෙට‍්‍රල් සහ ඞීසල් මිල නැවතත් අඩු කර අැත. 

අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාගෙන් පහරදීමකට ලක් වූ බව කියන පුද්ගලයෙකු පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මෙම පුද්ගලයා පානදුර ප‍්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරන්නෙකි.

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය දැක්විය නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාඳුළුවාවේ සෝභිත හිමියෝ සහ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත.

නීතිවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට ලබාදුන් ප‍්‍රශ්ණ පත‍්‍ර කිහිපයක යම් ගැටළුවක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වේ. දෙවන වසරේ සිසුන්ට ලබා දුන් දේපල නීතිය සම්බන්ධ ප‍්‍රශ්ණ පත‍්‍රයේ පලමු සහ දෙවන කොටස් වල මෙම ගැටළුව මතුව ඇත.

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයි වාර්තා වෙයි.

විධායක ජනාධිපතිධූරය යටතේ ත්‍රස්තවාදය ඉපදී වර්ධනය වීමට අමතරව වර්ධනය කරනු ලැබූ බවත් ඒ නිසා ඒකාධිපති විධායක ජනාධිපති ධූරය තිබූ පමණින් ත්‍රස්තවාදය යටපත් කළ නොහැකි බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන් මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් කොස්‌ලන්ද මීරියබැද්ද නාය යැමෙන් මියගිය අයගේ මළ සිරුරු සෙවීමට පොලිස්‌ නිල සුනඛයන් තිදෙනකු ඊයේ (31 වැනිදා) ගෙන විත් තිබිණි.

Connet With Us