'අපි සටනට සුදානම්' -රතන හිමි(වීඩියෝ) Featured

Published in පුවත්
Saturday, 01 November 2014 09:45

විධායක ජනාධිපතිධූරය යටතේ ත්‍රස්තවාදය ඉපදී වර්ධනය වීමට අමතරව වර්ධනය කරනු ලැබූ බවත් ඒ නිසා ඒකාධිපති විධායක ජනාධිපති ධූරය තිබූ පමණින් ත්‍රස්තවාදය යටපත් කළ නොහැකි බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන් මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

මේ නිසා මේ පාලන ක්‍රමයට විරුද්ධව ප්‍රජතන්ත්‍රවාදය වෙනුවෙන් අපි සියළුදෙනා එක්ව සටන් කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය පෙරේදා (30) සවස නුගේගොඩ පැවැත්වූ විරෝධතා රැලියේදී උන්වහන්සේ මෙම අදහස් පළකළහ.


'' මා සිටින්නේ බලවතුන්ගේ බලය ආරක්ෂා කිරීමට හෝ දූෂිතයින්ගේ දූෂිත ගමන ආරක්ෂා කිරීමට නොවේ. මේ රටේ ජනතාවගෙ හෘද ශාක්ෂිය වෙනුවෙන් බව නිර්භයව ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ අපි සියලුදෙනා ගන්නේ යම් තීන්දුවක්ද ඒ තීන්දුව සමග මා සිටින බව ඉතා නිර්භයවත් අවංකවත් ප්‍රකාශ කරන්න කැමතියි.''

''ත්‍රස්තවාදය උපදින්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ මොහොතක. මේ රටේ වගකිව යුතු අය, වගකිව යුතු පුරවැසියෝ මේ අනතුර දකින්නේ නැත්නම් ආපහු සූරියකන්දක්, ආපහු හඬාවැටෙන මව්වරු, ආපහු කැරලි ගහන තරුණයෝ, ආපහු ටයර් සෑයවල් දකින කාලකණ්නි යුගයක් ආයෙත් දකින්න කැමතිනම් මේ ආණ්ඩුක්‍රමය පවත්වාගෙන යා යුතුය. ඒකට විරුද්ධ නම් අපි මේ පාලන ක්‍රමයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය, මහජන සම්මුතිය වෙනුවෙන් අපි සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි. අද අපි පැමිණ සිටින්නේ ඒ සඳහාය.'' යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Last modified on Saturday, 01 November 2014 12:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us